රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද ( දෙසැම්බර් 21) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී තොරතුරු දැනගැනීමේ කොමිසමට කළ නව පත්කිරීම් සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ, මෙම ආයතනය ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පැවතිය ද එහි පත්කිරීම් සම්බන්ධයෙන් පනතෙහි පැහැදිළිව සඳහන් කර තිබෙන බවත්, එම පත්කිරීම් පාර්ලිමේන්තුවේ කැමැත්තෙන් සිදුවන බවත්, එයට දේශපාලනිකව අතපෙවීමට අමාත්‍යවරයා හෝ ජනමාධ්‍ය අමාත්‍යංශයට හැකියාවක් නොමැති බවත්ය.
මෙම පනත පසුගිය රජය විසින් ඉදිරිපත් කළ වඩාත් ප්‍රගතශීලී පනතක් බවත්, එය කෙටුම්පත් කිරීමේදී කිසිදු අමාත්‍යංශයක විෂයය පථයට යටත් නොවන ලෙස ස්වාධීන ආයතයක් ලෙස ඇති කළේ නම් දැනට පවතින සුලු අඩුපාඩු ද නොතිබෙනු ඇති බවත්, අමාත්‍යවරයා පැවසීය.