මේ අනුව බරණගල පෙනිලැන්ඩ් මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමට රුපියල් ලක්ෂ 210ක් ද, දොලොස්බාගේ තොලබෝවල මාර්ගය සංවර්ධනය සඳහා රුපියල් ලක්ෂ 135ක් ද, නාවලපිටිය දොලොස්බාගේ මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමට රුපියල් ලක්ෂ 1780ක් ද වැය කිරීමට නියමිතය.
මේ අතර නාවලපිටිය මැතිවරණ කොට්ඨාසයේ ජනතාවගේ ගැටලු හඳුනා ගැනීම සඳහා ගමින් ගමට සංචාරය කරන අමාත්‍යවරයා ඉකුත් 17වනදා ගල්මුදුන, ඇපල්වත්ත, මොන්ටික්‍රිස්ටෝ යන ගම්මානවලට ගොස් එහි ජනතාව හමු වී, ඔවුන් සඳහා 2022 වර්ෂයේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති ජීවනෝපාය සංවර්ධන වැඩසටහන් පිළිබඳව ඒ ගම්වල ජනතාව සමඟ සාකච්ඡා කළේය.
එමෙන්ම, කොන්ක්‍රීට් යොදා අලුත්වැඩියා කර තිබු ගල්මුදුන ප්‍රවේශ මාර්ගය ජනතා අයිතියට පත් කිරීම ද අමාත්‍යවරයා අතින් සිදු විය. අලුත්වැඩියා කරන ලද ගල්මුදුන ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිල ජනතාවගේ පුද පූජා සඳහා විවෘත කිරීම ද අමාත්‍යවරයා අතින් සිදු විය. රුපියල් ලක්ෂ 18ක වියදමින් මොන්ටික්‍රිස්ටෝ වත්තේ ද්‍රවිඩ ජනතාව සඳහා ක්‍රියාත්මක කළ පානීය ජල යෝජනා ක්‍රමය ද අමාත්‍යවරයා අතින් මෙදිනම ජනතා අයිතියට පත් කෙරිණ.
.