මෙහිදී මෙරට සිනමාව කර්මාන්තයක් ලෙස පිළිගැනීමට අදාළ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීම දක්වා වූ ක්‍රියාවලිය කර්මාන්ත අමාත්‍යවරයා විසින් මහබැංකු අධිපතිතුමා ඇතුළු නිලධාරීන්ට පැහැදිලි කරන ලදී.
විදෙස් රටවල සිනමා කර්මාන්තයේ ප්‍රගමනය සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබාදෙන ආකාරය, ඒ සදහා ණය පහසුකම් ලබාදෙන ආකාරය වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දෙන ලදී. විදෙස් සිනමා කර්මාන්තයේ නියුතු පීරිස් මෙරටට පැමිණ සිනමා අවස්ථා සඳහා ආයෝජනය කළ ආකාරය මෙන්ම සිනමාවට අවශ්‍ය දර්ශනතල පිරික්සීම සඳහා මෙරටට පැමිණි සිනමා කර්මාන්තයේ නියුතු පීරිස් හේතුවෙන් මෙරටට ආයෝජන අවස්ථා ලැබුණු ආකාරය ඇතුළු අදහස් රැසක් ද මෙහිදී සාකච්ජා විය.
ඉන්දියාව, මැලේසියාව, සිංගප්පූරුව වැනි රටවල සිනමා කර්මාන්තය ඉහළ ආදායමක් උපදවන කර්මාන්ත ක්ෂේත්‍රයක් බවට පත්වී ඇති අතර ඉදිරියේදී ලංකාවේ සිනමා කර්මාන්තය එම තත්වයට ගෙන ඒමට අවශ්‍ය පසුබිම පිළිබදව ද යෝජනා සහ අදහස් ඉදිරිපත් විය. මෙරට සුපිරි වෙළෙඳසැල් ජාලය කේන්ද්‍ර කරගනිමින් ප්‍රේක්ෂකයින් 100කට පමණ එකවර චිත්‍රපට නැරඹිය හැකි මිනි තියටර් (Mini Theater ) ක්‍රමවේදයක් හඳුන්වා දීමේ වැදගත්කම ද මෙහිදී සාකච්ජා කෙරුණු අතර ඒ පිළිබඳව සහ සිනමා කර්මාන්තකරුවන්ට අවශ්‍ය ඉදිරි සහාය ලබාදීම සම්බන්ධයෙන් පුළුල් සාකච්ජාවක් ඉදිරියේදී පැවැත්වීමට යෝජනා කෙරිණි.
මේ අතර දේශීය කර්මාන්තකරුවන් මේ වනවිට මුහුණ දි ඇති ආනයනික අමුද්‍රව්‍ය හිඟය සහ ණයවර ලිපි ලබාගැනීමේ ගැටළුව පිළිබඳව ද අමාත්‍යවරයා මහබැංකු අධිපතිවරයා දැනුවත් කළ අතර ලබන වසරේ පළමු දෙසතිය තුළ එම කටයුතු ක්‍රමවත්ව පවත්වාගෙන යාමට අවශ්‍ය පසුබිම සකසන බව ද එහිදී ප්‍රකාශ කරන විය.