මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහභාගී විය.
ආබාධිත රණවිරුවන්, සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සහ සිවිල් කාර්යමණ්ඩලයේ පවුල්වල 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, අ.පො.ස. සා.පෙළ සහ අ.පො.ස උ.පෙළ විභාගවලින් සමත් වූ දරුදැරියන් සඳහා රුපියල් ලක්ෂ 30කට වඩා වටිනාකමකින් යුත් ශිෂ්‍යත්ව ප්‍රදානය මෙහිදී සිදුකරන ලදී.
මෙම ශිෂ්‍යත්ව ප්‍රධානෝත්සවයේදී අ.පො.ස උසස් පෙළ (2019) සහ සාමාන්‍ය පෙළ (2019) විභාගවලින් විශිෂ්ඨ ජයග්‍රහණ ලැබූවන් සඳහා ශිෂ්‍යත්ව 115 ක් සහ රෙජිමේන්තු මට්ටමින් තෝරාගත් සිසුන් 91 දෙනෙකු සඳහා රුපියල් එක් අයෙකුට 25,000/= ක් සහ ශබ්දකෝෂය බැගින් ප්‍රදානය කරන ලදී.
තවද, අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ විෂයන් 9 ම සඳහා 'ඒ' සාමාර්ථයන් ලබාගත් සිසු සිසුවියන් 59 දෙනෙකු සඳහා සහ අ.පො.ස. උසස් පෙළෙන් ඉහළම Z අගයන් ලබාගත් සිසු සිසුවියන් 32 දෙනෙකු වෙනුවෙන් රුපියල් 30,000/= ක බැගින් සහ එම සිසුන්ට උසස් අධ්‍යාපන දක්වා ඉගෙනීම් කටයුතු සිදුකිරීම සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම ද සිදුවිය.
මීට අමතරව, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 192 ට වඩා ලබාගත් සිසුන් 24 දෙනෙකුට අවශ්‍ය පාසල් උපාංග ඇතුළත් පාර්සලයක් සමඟ බැංකු තැන්පතු ලෙස රක් අයෙකුට රුපියල් 20,000/= බැගින් හිමි විය.