මහවැලි ඩී (D) කලාපය ට අයත් මැදිරිගිරිය කොට්ඨාසයේ සියළු ගොවිපවුල් සඳහා පොල් පැල දෙක බැගින් පොල් පැල 25000 ක් බෙදා හැරීම, මහවැලි කලාප ආශ්‍රිත ඇළවේලි හා ජනාවාස පොදුයටිතලපහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගමලත් මහතා ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මීගස්වැව මහවැලි කොට්ඨාස කාර්‍යාල පරිශ්‍රයේ දී සිදුකෙරිනි.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන හතරක් වැය කර පොල් වගාකිරීමේ මණ්ඩලයෙන් මිලට ගෙන මෙම පොල් පැල බෙදා හරින ලදි.
ඒ අනුව මහවැලි ඩී කලාපය ට අයත් මැදිරිගිරිය මීගස්වැව, බිසෝපුර, සහ කන්තලේ සූරියපුර ප්‍රදේශයේ මහවැලි ගොවි පවුල් වෙත මෙම පොල් පැල බෙදා හැරීම ආරම්භ කළ බව මහවැලි ඩී කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකාර ගාමිණී ගුණවර්ධන මහතා සඳහන් කළේ ය.
මෙම අවස්ථාවට ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින් සහ , ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නිලධාරීන් සහභාගි වී සිටියහ