ආගමන නීති උල්ලංඝනය කරමින් එක් රටක නැවතී සිටින පුද්ගලයින් භාර ගැනීම සඳහා හෝ ආපසු හරවා යැවීම සඳහා නැවත භාර ගැනීමේ අවබෝධතා ගිවිසුමට මෙලෙස දෙරටේ ස්වදේශ කටයුතු අමාත්‍යවරු අත්සන් තබන ලදී.
වීසා කාල සීමාව ඉක්මවා රැඳී සිටින පුද්ගලයින් සහ සරණාගත තත්ත්වයට පත් වීමට අපොහොසත් වූවන් මෙම කාණ්ඩයට අයත් වේ.තමා පදිංචිව සිටින රටට ආරක්ෂිතව නැවත යෑම මෙම නැවත භාර ගැනීමේ ගිවිසුම මගින් සහතික කෙරේ.ශ්‍රී ලංකාව මුල්වරට නීති විරෝධී සංක්‍රමණිකයින් නැවත භාර ගැනීම වෙනුවෙන් අත්සන් කරනු ලැබූ ගිවිසුම වන්නේ 2004 වසරේ දී ශ්‍රී ලංකාව යුරෝපියානු සංගමයත් සමග එළඹි ගිවිසුමයි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් ඩේවිඩ් හොලී (Mr .David Holly ) , නියෝජ්‍ය මහාකොමසාරිස් ඇමැන්ඩා ජෙවෙල් (Ms . Amanda Jewel ),ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික ),ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එන්.එච්.එම් චිත්‍රානන්ද , විදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ද්විපාර්ශ්වික සබඳතා නැගෙනහිර ) ඒ.එම්. සාදික් , විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (නැගෙනහිර ආසියා) එම්.එච්.එම්.එන් බණ්ඩාර, ආගමන හා විගමන පාලක ජනරාල් යූ . වී සරත් රූපසිරි යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් හා රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්විය.