එහි තවත් එක් සාර්ථක පියවරක් ලෙස නව ජල සම්බන්ධතා ලබාගන්නා පාරිභෝගිකයින් විසින් සම්පූර්ණ කර භාරදිය යුතු ලිපිලේඛන අවම කිරීම, අනන්‍යතාවය සහ පදිංචිය තහවුරු කර ගැනීම ඇතුලු තොරතුරු රැසක් ක්ෂණිකවම ලබාගැනීම සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අවබෝධතා ගිවිසුමක් පසුගියදා අත්සන කරන ලදී.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් පී.වී. ගුණතිලක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම ගිවිසුම අත්සන් කිරීම සිදුකරන ලදී.
මෙම අවස්ථාවට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීතුමා තිළිණ එස්. විජේතුංග, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) ජී.ඒ. පියල් පත්මනාත සහ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් රැසක් ද එක්වීය.
මින් ඉදිරියට ජල බිල්පතෙහි ගිණුම් අංකය තමා සන්තකයෙහි නොමැති අවස්ථාවක දී ජාතික හැඳුනුම්පත් අංකය ඉදිරිපත් කිරීමෙන් ජල සම්පාදන පාරිභෝගිකයින්ට මණ්ඩලයේ ඕනෑම සේවාවක් පහසුවෙන් ඉෂ්ට කර ගත හැකි වීම මෙහි විශේෂත්වයයි.