ජීවිතාරක්‍ෂක සංගමය යටතේ ලියාපදිංචි ජීවිතාරක්‍ෂක කණ්ඩායම් වල සහභාගීත්වයෙන් පැවති මෙම තරඟාවලිය සඳහා නාවික හමුදා කණ්ඩායම් 02ක් සහභාගි විය. මෙහිදී තරඟාවලියට සහභාගී වූ සියළු ජීවිතාරක්‍ෂක කණ්ඩායම් අභිබවා ලකුණු හිමිකර ගත් නාවික හමුදා කණ්ඩායම පස්වන (05) වරටත් තරඟාවලියේ ශූරතාවය හිමි කර ගැනීමට සමත්විය.
මෙවර තරඟාවලිය පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් ගල්කිස්ස වෙරළ තීරයේ පමණක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබිණි.