සුමාත්‍රා ආසන්නයේ සිදු වු භුමි කම්පාව නිසා හටගත් සුනාමි රළ ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට ලගා වූ යේ භුමි කම්පාව සිදුවී පැය 01 කුත් විනාඩි 32කට පසු විය. ශ්‍රී ලංකාවේ මුහුදුබඩ දිස්ත්‍රික්ක 14 ක් සුනාමි ආපදාවට ගොදුරු වු අතර සුනාමි ව්‍යසනය නිසා මිය ගිය සංඛ්‍යාව ආසන්න වශයෙන් 35,000 ක් පමණ වේ. තවත් 5000 ක් පමණ අතුරුදන් විය. ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 34 ක පවුල් 235,145 ක පුද්ගලයින් 502,456 දෙනෙක් සුනාමි ව්‍යසනය හේතුවෙන් බලපෑමට ලක්විය. සිදු වූ සමාජ, ආර්ථික, සංස්කෘතික සහ පාරිසරික හානිය අතිමහත් විය.
ඒ අනුව 2005 අංක 15/1975/715/001-1 දරණ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුව 2005 වර්ෂයේ සිට සෑම වර්ෂයකම දෙසැම්බර් මස 26 වන දින “ජාතික සුරක්ෂිත දිනය” ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර එදින සුනාමි ව්‍යසනයෙන් සහ එදා මෙදා තුර විවිධ ආපදා නිසා රටේ මිය ගිය සියළුදෙනා සිහිපත් කරමින් දිවයිනේ සියළුම දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගෙන ජනතා සහභාගිත්වයෙන් යුතුව දිස්ත්‍රික්ක මට්ටමින් “ජාතික සුරක්ෂිත” දින වැඩසටහන ක්‍රියාත්මක කරන ලදි .
නමුත් 2020 වර්ෂයේ කොවිඩ්-19 ගෝලීය වසංගත තත්වය හමුවේ රජය විසින් පන වන ලද නීතිරිති මෙන්ම සෞඛ්‍ය අංශ විසින් ලබාදුන් මාර්ගෝපදේශ අනුව සීමිත පිරිසක ගේ සහභාගිත්වයෙන් “ජාතික සුරක්ෂිත දිනය” පැවැත්විය.
2021 වර්ෂයේ ද රටේ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස් හා මාර්ගෝපදේශ අනුව මෙවර ද දෙසැම්බර් 26 වන දින “ජාතික සුරක්ෂිත දිනය” සීමිත ජනතා සහභාගිත්වයකින් දිස්ත්‍රික් මට්ටමින් දිවයින පුරා පැවැත්වීමට කටයුතු සංවිධාන කර ඇත.
ඒ අනුව දෙසැම්බර් 26 වන දින පෙ.ව. 9.25 සිට පෙ.ව.9.27 දක්වා සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මියගිය ශ්‍රී ලාංකිකයින් සිහිපත් කිරීම සදහා දිවයින පුරා විනාඩි දෙකක නිශ්ශබ්දතාව රැකීම පිළිබදව ජනතාව දැනුවත් කිරීමටත්
ගාල්ල “පැරෑලිය සුනාමි ස්මාරකය” අභියස දී රාජ්‍ය නිළධාරින්, ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය මෙන්ම ප්‍රජාවගේ ද සහභාගිත්වයෙන් 2021.12.26 දින පෙ.ව. 8.30 සිට පෙ.ව. 10.30 දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.