නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ උපදෙස් මත උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බන්දුල සේනාරත්න මහතාගේ මගපෙන්වීම යටතේ, වවුනියාව ශික්‍ෂණ රෝහලේ පවත්නා රුධිර සංචිත නිසි ලෙස පවත්වා ගැනීමේ අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් මෙම ලේ දන්දීමේ වැඩසටහන සංවිධානය කෙරිණි. මෙම උතුම් සත්කාර්යය සාර්ථක කර ගැනීම සඳහා උතුරු මැද නාවික විධානයේ ආයතනයන්ට අයත් ශ්‍රීලංනානෞ පණ්ඩුකාභය සහ ශික්ෂා ආයතනයන්හි නාවික පුද්ගලයින් 94 දෙනෙකු ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී දායකත්වය ලබා දෙන ලදී.
පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව උතුරු මැද නාවික විධානයේ විධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය කොමාණ්ඩර් එන්එච්එම්සී අත්තනායක මහතාගේ අධීක්‍ෂණය යටතේ පැවති මෙම ලේ දන්දීමේ වැඩසටහන සඳහා නාවික හමුදා වෛද්‍ය කාර්ය මණ්ඩලය සහ වවුනියාව රෝහලේ වෛද්‍ය එම් මාතුරි මහත්මිය මෙන්ම එම රෝහලේ කාර්ය මණ්ඩලයේ පිරිසකගේ ද දායකත්වය ලබා දෙන ලදී.