පෙබරවාරි 08, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකාව සහ ඉරානය අතර අවබෝධතා ගිවිසුමක් - ''ලංකා තේ'' අලෙවිය වැඩි කිරීමට පියවර

    දෙසැම්බර් 26, 2021

    ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ජාතික ඉරාන තෙල් සමාගම වෙත ලබා දිය යුතු හිඟ මුදල් ගෙවීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා රජය සහ ඉරාන ඉස්ලාමීය ජනරජය විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වැවිලි අමාත්‍යංශය සහ ඉස්ලාමීය ඉරාන ජනරජයේ කර්මාන්ත, පතල් සහ වෙළඳ අමාත්‍යංශය අතර අවබෝධතා ගිවිසුමකට විදේශ අමාත්‍යංශයේ දී අත්සන් තබන ලදි.

    ශ්‍රී ලංකාවේ වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහ ඉස්ලාමීය ඉරාන ජනරජයේ කර්මාන්ත, පතල් හා වෙළඳ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය අලිරේසා පේමන්පැක් මහතා තම රාජ්‍යයන් නියෝජනය කරමින් මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූහ. ශ්‍රී ලංකාව සහ ඉරානය අතර ආර්ථික සබඳතා සම්බන්ධයෙන් පවත්නා අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වන සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම කෙරෙහි ප්‍රධාන අවධානය යොමු කරමින් මෙම ගිවිසුමට අත්සත් තබන ලදි. ශ්‍රී ලංකා රජය සිදු කළ තෙල් මිලදී ගැනීම් සම්බන්ධයෙන් වන හිඟ මුදල් ගෙවීම, ඉස්ලාමීය ඉරාන ජනරජය වෙත සිදු කෙරෙන ලංකා තේ අලෙවිය වැඩි කිරීම මෙම අවබෝධතා ගිවිසුමේ අරමුණ වේ.

    ඉස්ලාමීය ඉරාන ජනරජයේ තානාපති හෂේම් අෂ්ජාසාදෙහ් මහතා, කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා, සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ සහ රබර් ආශ්‍රිත භෝග වගා සහ කර්මාන්තශාලා නවීකරණය සහ තේ,රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා, මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා, වැවිලි අමාත්‍යංශයේ ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා, ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති ජයම්පති මොල්ලිගොඩ මහතා, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩබ්. ඩබ්. ඩී. සුමිත් විජේසිංහ මහතා, ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් අනුර සිරිවර්ධන මහතා සහ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශයේ සහ ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමේ අවස්ථාව සඳහා සහභාගී වූහ.

    ඉස්ලාමීය ඉරාන ජනරජයේ කර්මාන්ත, පතල් හා වෙළඳ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය අලිරේසා පේමන්පැක් මහතා, කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා සහ විදේශ අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් (මහාචාර්ය) ජයනාත් කොළඹගේ මහතා හමුවූ අතර එහිදී දෙරට අතර පවත්නා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීමේ අන්‍යෝන්‍ය අවශ්‍යතා සහ ක්‍රමවේද පිළිබඳව සාකච්ඡා පැවැත්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya