පෙබරවාරි 08, 2025
tami eng youtube  twitter facebook

    භූ විද්‍යා හා පතල් කැණීම් ප්‍රාදේශීය කාර්යාල ජාලය ශක්තිමත් කිරීමේ වැඩ පිළිවෙළක්

    දෙසැම්බර් 27, 2021

    භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මගින් රටේ සංවර්ධනය සඳහා අවශ්‍ය වන භූ සම්පත් ඵලදායී ලෙස යොදා ගැනීමේ අරමුණින් ප්‍රාදේශීය කාර්යාල ජාලය ශක්තිමත් කිරීමේ වැඩ පිළිවෙළක් අරඹා ඇත.

    මේ යටතේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මගින් උතුරු පළාතේ කිළීනොච්චි හා මුළතිව් දිස්ත්‍රික්ක සදහා ප්‍රාදේශීය කාර්යාලය පසුගියදා මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අනුබද්ධව විවෘත කරනු ලැබීය. එම අවස්ථාවට සභාපති ඉංජිනේරු අනුර වල්පොල මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

    මෙහිදී අදහස් පළ කළ අනුර වල්පොල මහතා සේවාවන් ලබා ගැනීම සඳහා දුර බැහැර සිට කොළඹ ප්‍රධාන කාර්යාලයට පැමිණීමට මහජනතාවට සිදු ව ඇති බවයි. එමනිසා එම තත්ත්වය මඟහරවාලමින් අදාල ප්‍රා දේශීය කාර්යාල ජාලය ශක්තිමත් කිරීම මගින් මහජනතාවට අවශ්‍ය සේවාවන් ලබා දීම සඳහා පියවර ගැනීම රජයේ අරමුණ බැවින් ඒ සඳහා පියවර ගන්නා ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දුන් බව ද සභාපතිවරයා පැවසීය.

    භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් කාර්යක්ෂම සේවාවක් ලබා දීම මෙන්ම පරිසර හානිවලින් තොරව කැණීම් ස්ථාන පවත්වාගෙන යාම ද කාර්යාංශයේ වගකීමක් බව සභාපතිවරයා පෙන්වා දුන්නේය. එමනිසා 2022 වසරේ සිට කැණීම් ස්ථාන පුනරුත්ථාපනය කර එම ස්ථාන මහජනතාවට බියක් සැකක් නැතිව ගැවසිය හැකි ස්ථාන බවට පත් කිරිම සඳහා වැඩපිළිවෙකක් ඇරඹීමට ද පියවර ගැනේ. .

    එමෙන්ම උතුරු පළාතේ වැඩිම කැණීම් බලපත්ලාභීන් වැඩිම ප්‍රමාණයක් සිටින්නේ බලපත් නැදුන්කර්ණි ප්‍රදේශයේ බැවින් මුලතිව්වල මෙම කාර්යාලය පිහිටුවනු ලැබීය. එමෙන්ම උතුරු පළාතට අයත් මන්නාරම් දිස්ත්‍රික්කයේ ප්‍රා දේශීය කාර්යාලය ලබන ජනවාරි මස ස්ථාපිත කිරීමට ද කටයුතු යොදා ඇති බව සභාපති අනුර වල්පොල මහතා සඳහන් කළේය.

    මෙම අවස්ථාවට ප්‍රා දේශීය කාර්යාල ඉංජිනේරු අසේල ප්‍රනාන්දු, කැණීම් ඉංජිනේරු ඩී. මයුරන් මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya