අමාත්‍යවරයා, මාධ්‍ය වෙත අඳහස් දක්වමින් මේ බව පැවසීය.
ඒ අනුව මෙම සම්බා කිලෝවක මිල රුපියල් 130ක් වන අතර දෙසැම්බර් මස 31 වැනිදා දක්වා මෙසේ සහල් මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට හැකි බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
සතොස මඟින් ලබා දෙන සහන මල්ල සකස් කිරීමේ දී දේශීය දුඹූරු සීනි කිලෝග්‍රෑම් දෙකක් ලබා දුන් බවත් ඇතැම් වෙළඳසැල් එසේ ලබා දීමට ප්‍රමාණවත් තරම් දුඹුරු සීනි නොමැති වීමෙන් ඒ සඳහා කළ යුතු දේ පිළීබඳව ගැටලුවක් ඇති වී තිබූ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ඒ අනුව දෙසැම්බර් මස 31වැනිදා දක්වා සහන මල්ලට ඇතුළත් දුඹුරු සීනි මිලදී නොගන්නා පාරිභෝගිකයන්ට ඒ වෙනුවට සහන මල්ලේ මිලටම ( රුපියල් 1998 ) සම්බා සහල් කිලෝ දෙකක් වැඩිපුර ලබා ගත හැකි බව අමාත්‍යවරයා පැවසීය.
සහන මල්ලට ලැබෙන සම්බා කිලෝ ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 10ක් වන අතර සීනි මිලදී නොගන්නා පාරිභෝගිකයන්ට ඒ අනුව සම්බා සහල් කිලෝග්‍රෑම් 12ක් ලැබෙන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මෙතෙක් සතොස වෙළඳසැල් මගින් පාරිභෝගිකයන්ට මිලදී ගැනීමට හැකි වූයේ සහල් කිලෝ ග්‍රෑම් 5ක් පමණි.