පෙබරවාරි 08, 2025
tami eng youtube  twitter facebook

    මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීම අත්‍යවශ්‍යයි." - සෞඛ්‍ය ඇමති

    දෙසැම්බර් 29, 2021

    මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීම සෞඛ්‍ය සේවාවේ අත්‍යවශය කරුණක් බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. එම වැඩපිළිවෙල නිසි පරිදි ක්‍රමවත්ව විද්‍යාත්මක පදනමක් ඔස්සේ ක්‍රියාත්මක වියයුතු බවද අමාත්‍යවරයා අවධාරණය කරයි.

    ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය මගින් සංවර්ධනය කෙරුණු දිවයිනේ රෝහල් හා සෞඛ්‍ය මධ්‍යස්ථාන පිලිබදව මෙන්ම ප්‍රජා මුලික වැඩසටහන් හා සෞඛ්‍ය සේවාවේ පැවැත්ම වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට යෝජිත ඉදිරි වැඩ කටයුතු පිලිබද කරුණු සොයා බැලීම සඳහා වු විශේෂ සාකච්ජාවකදී අමාත්‍ය රඹුක්වැල්ල මහතා මේ බව කීය. සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අදාල සාකච්ජාව එම අමාත්‍යංශයේ දී පැවැත්විණි.

    ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ දී සිදුවිය යුතු වෙනස්කම් මොනවාදැයි හදුනාගැනීම සදහා සමාලෝචනයක් සකස් කරන ලෙස අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ඒ සදහා නිවැරදි දත්ත හා තොරතුරු ඇතුලත් වාර්තාවක් සකස් කරන ලෙස එහි ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතාට උපදෙස් ලබාදුනි.

    ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය ඔස්සේ වර්තමානයේ ක්‍රියාත්මක හා ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අදහස් කරනු ලබන වැඩපිලිවෙල රාශියක් පිලිබදව සෞඛ්‍ය අමාත්‍යවරයාගේ විශේෂ අවධානය මෙහිදී යොමු විය. ඒ අතර, සෞඛ්‍යයට බලපාන සාධක පාලනය කිරීමේ බලය මහජනතාවටම ලබාදෙන රෝහල් ආශ්‍රිතව ක්‍රියාත්මක "සුව සේවා මිතුරෝ" ප්‍රජා කමිටු වැඩසටහන, විධිමත් ඖෂධ ගබඩා නොමැති රෝහල් ආශ්‍රිතව ඖෂධ ගබඩා ඉදිකිරීම, ජංගම ඖෂධාගාර වැඩසටහන, රසායනාගාර ජාල ගත කිරීමේ වැඩපිළිවෙල, "1907 සුව සහන" මහජන දුක්ගැනවිලි වලට සවන්දීමේ වැඩසටහන, ඉලෙක්ට්‍රොනික සෞඛ්‍ය තොරතුරු පද්ධතිය, රසායනාගාර වැඩිදියුණු කිරීමේ වැඩසටහන් ද මෙයට ඇතුලත් විය.

    "සුව සේවා මිතුරෝ" ප්‍රජා කමිටු සෞඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන් මෙතෙක් සිදු කර ඇති කර්යයන් ඇගයීමට ලක් කළ සෞඛ්‍ය අමාත්‍යවරයා අදාළ ප්‍රදේශ ආශ්‍රිත ජනතාව එම කමිටු නියෝජනය කරන බැවින් ගැටළුකාරි තත්ත්වයන් අවම කර ගනිමින් වඩා ජනතාවාදී සේවාවක් ලබාදීමට එම කමිටුව මහත් රුකුලක් වන බව පෙන්වා දුන්නේය. එම කමිටු ශක්තිමත් කිරීමේ වැදගත්කම ද සෞඛ්‍ය අමාත්‍යවයා පෙන්වා දෙන ලදි.

    සෞඛ්‍ය කාර්ය මණ්ඩල පුරප්පාඩු සහිත ග්‍රාමීය හා ප්‍රාදේශීය රෝහල්වලට අවශ්‍යතාවයන් නිවැරදිව හදුනාගෙන ක්‍රමවත් වැඩපිළිවෙලක් යටතේ වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල අනුයුක්ත කිරීමේ වැදගත්කම ද ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.


    මෙම අවස්ථාවට එක්වූ ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ට සෞඛ්‍ය විශේෂඥ විශේෂඥ වෛද්‍ය දීපිකා ආටිගල මහත්මිය ප්‍රකාශ කලේ ශ්‍රී ලංකවේ ක්‍රියාත්මක වන මෙම ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය ලෝක බැංකුව විසින් ලෝකය පුරා ව්‍යාපෘති අතරින් ආදර්ශමත් හා සාර්ථකම ව්‍යාපෘතියක් ලෙස හදුනා ගෙන ඇති බවයි.

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය සුනිල්ද අල්විස්, ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ලෝක බැංකු ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර යන නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් ව සිටියහ.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya