කුමන බාධා එල්ල වුවද අපේ රට දියුණු තත්ත්වයට පත් කර ගැනීමට අපි සියලු දෙනාටම වගකීමක් ඇති බව ඌව බින්තැන්න ප්‍රධාන සංඝනායක බණ්ඩාරවෙල ශ්‍රී සුබෝධාරාමාධිපති කහත්තේවෙල සිරිනිවාස නාහිමියෝ සඳහන් කරති.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ නව ලේකම් ඩී.එම්.එල්.ඩී. බණ්ඩාරනායක මහතා 28) පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ රාජකාරි භාර ගැනීම නිමිත්තෙන් මහා සංඝරත්නය සමඟ බෞද්ධාගමානුකූලව ආශිර්වාද කරමින් නාහිමියෝ මේ බව සඳහන් කළහ.
“ප්‍රායෝගික කෘෂිකර්මයේ යෙදුණ, ඒ පිළිබඳ අත්දැකීම් හා පළපුරුද්ද ඇති බණ්ඩාරනායක මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත් කිරීම කාලෝචිත තීරණයක් බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ. ගුරුවරයකු ලෙස රාජ්‍ය සේවයට එක්ව ඇති බණ්ඩාරනායක මහතා සහකාර ප්‍රාදේශීය ලේකම්වරයකු, ප්‍රාදේශීය ලේකම්වරයකු, දිසාපතිවරයකු මෙන්ම පළාත් ප්‍රධාන ලේකම්වරයකු ලෙස රාජ්‍ය පරිපාලනයේ දීර්ඝ අත්දැකීම් ඇති බණ්ඩාරනායක මහතාට කෘෂිකර්ම අමාත්‍යාංශයේ සියලු අභියෝග ජය ගෙන මෙරට ගොවි ජනතාවට උසස් සේවාවක් සැපැයිය හැකි වනු ඇති” බවද නාහිමියෝ සඳහන් කළහ. කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ද නව ලේකම්වරයාගේ රාජකාරි කටයුතු සාර්ථක කර ගැනීමට සියලු සහයෝගයන් ලබා දෙන බව සඳහන් කරමින් සුබ පැතුම් එක් කර තිබුණි.
නව ලේකම්වරයා රාජකාරි භාර ගැනීමේ අවස්ථාවට අමාත්‍යාංශ කිහිපයක ලේකම්වරු අතිරේක ලේකම්වරු හා කෘෂිකර්ම අමාත්‍යාංශයට අනුබද්ධ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරු, ගරු අමාත්‍යතුමාගේ උපදේශිකා රංජනී ජයකොඩි, කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් හා ඒ යටතේ ඇති ආයතන ප්‍රධානීන් ද සහභාගි වී සිටියහ.