ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රීධර්ම මහා සංඝසභාවේ මහානායක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති, සාහිත්‍යසූරී ආචාර්ය අතිපූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාරාභිධාන මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ සානුනායක උපධ්‍යායන මූලික ගරුතර කාරක මහා සංඝසභාවේ ප්‍රධානත්වයෙන් සහ ගිහි පැවිදි සම්භාවනීය ආරාධිතයන්ගේ සහභාගීත්වයෙන් උත්සවය පැවැත්වේ.
ශ්‍රී ලංකාද්වීපය එක්සේසත් කළ කෝට්ටේ 6 වන පරාක්‍රමබාහු රජු විසින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රීධර්ම මහා සංඝ සභාවේ උපෝසථාගාරය නිර්මාණය කරන ලදී. කාලයාගේ ඇවෑමෙන් ගරා වැටෙමින් තිබූ උපෝසථාගාරය වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත්වීමෙන් නවීකරණය කර තිබේ. නාවික හමුදාවේ ද සහාය ඇතිව පෙර රජ දවස තිබූ ආකාරයෙන් ම උපෝසථාගාර ගොඩනැගිල්ල ඉදි කර ඇතැයි කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රීධර්ම මහා සංඝ සභාවේ ප්‍රධාන ලේඛකාධිකාරී, අග්ගමහා පණ්ඩිත මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක ස්වාමීන් වහන්සේ පැවසූහ.
උපෝසථාගාරය ප්‍රතිසංස්කරණය කර දෙන්නැයි ආණ්ඩු කිහිපයකින් ම ඉල්ලීම් කළ ද එය ඉටු නොවූ බවත් වත්මන් ජනාධිපතිවරයා මැදිහත්ව එම කාර්යය ඉටු කිරීම වෙනුවෙන් කෘතඥතාව පළ කිරීම සඳහා උත්සවය සංවිධාන කළ බවත් මහාචාර්ය කොටපිටියේ රාහුල අනුනායක හිමිපාණෝ සඳහන් කළහ.
මොහාන් සමරනායක
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්