එම ජංගම සේවාව මඟින් උපරිම ජනතා සේවාවක් ලබාදීම සඳහා සාකච්ඡාවක් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්නෙ, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් කළමණාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් වී.ආර්. සිල්වා යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් අමාත්‍යාංශ දෙක යටතේ පවතින රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් ඊයේ( 28)අධිකරණ අමාත්‍යාංශයේ දී පැවැත්විය.
ජංගම සේවාව දිවයිනේ සියලුම පළාත් ආවරණය වන පරිදි පැවැත්වීමට සැලසුම් කර ඇත. උතුරු පළාත මූලික කර ගනිමින් මෙහි ප්‍රථම වැඩසටහන ආරම්භ කෙරේ. 2021 ජනවාරි මස 28 වන දින සිට 31 වන දක්වා උතුරු පළාතේ විශ්වවිද්‍යාල සිසුන්, ප්‍රජා මුල නායකයින් හා රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩ සටහනක් ද පැවැත්වීමට නියමිතය.
පොදු ජනතාවට බලපාන නීති පිළිබඳ ජනතාව දැනුවත් කිරීම, සංහිඳියාව පිළිබඳව ජනතාවට අවබෝධයක් ලබාදීම, මත් ද්‍රව්‍ය භාවිතයෙන් වන අයහපත් ප්‍රතිඵල පිළිබඳව තරුණ ප්‍රජාව දැනුවත් කිරීම මෙන් ම උතුරු පළාතේ ජනතාවට පවතින ඉඩම් ගැටලු සාකච්ඡා කෙරේ.
උප්පැන්න, විවාහ හා මරණ සහතික ලබා ගැනීම ඒ මොහොතේම සිදු කර ගැනීම වැනි පහසුකම් ද මෙම ජංගම සේවාවෙන් සිදු කෙරේ.
මෙම ජංගම සේවාවට අමාත්‍යාංශ දෙක යටතේ පවතින රාජ්‍ය ආයතනවලට අමතරව විවිධ රාජ්‍ය ආයතනවල සහාය ලබා ගන්නා ආකාරය පිළිබඳව මෙහිදී සාකච්ඡා විය. රැකියා ලබා ගැනීමේදී යොමු විය යුතු ආකාරය පිළිබඳව තරුණ ප්‍රජාව දැනුවත් කිරීමට ද කටයුතු යොදා ඇත. මේ සදහා උතුරු පළාතේ දිස්ත්‍රික්ක පහෙහිම දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශිය ලේකම්වරුන් හා ග්‍රාම නිලධාරීන් ඇතුළු අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ගේ සහාය ලබා ගැනීමට නියමිතය.
මෙහිදී අදහස් පළ කරමින් අධිකරණ අමාත්‍ය ජනාධිපති නිතිඥ අලි සබ්රි මහතා සදහන් කළේ, උතුරු පළාතේ ජනතාවට උපරිම ආකාරයේ සේවාවක් ලබා දිය හැකි පරිදි ජංගම සේවාව පැවැත්විය යුතු බවයි.
විශේෂයෙන් දැනුවත් කිරීමේ වැඩ සටහන් සඳහා භාෂාත්‍රයම පිළිබඳව දැනුමක් පවතින නිලධාරීන් යොමුකිරීමට කටයුතු කරන ලෙසත්, ජාතීන් අතර සංහිදියාව සමඟිය සහෝදරත්වය ඇති වන ආකාරයේ වැඩ සටහන් පැවැත්වීම සිදු කළ යුතු බවත්, අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍යාංශ දෙක යටතේ පවතින රාජ්‍ය ආයතන ප්‍රධානීන් හා අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ගෙන් ජංගම සේවාව සාර්ථකව පැවැත්වීම පිළිබඳව අඳහස් හා යෝජනා ලබා ගැනීම ද මෙහිදි සිදු විය.