කැලණිය සංවර්ධන කමිටු සභාපති රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ විශේෂ ඉල්ලීම මත මෙම සමෘද්ධිලාභී පවුල් සඳහා නිවාස ඉදි කරලීමට රුපියල් ලක්ෂ 02 බැගින් වූ මූල්‍යාධාර පිරිනැමීම සිදු කර තිබෙන අතර
ප්‍රජා දායකත්වය සහ ප්‍රදේශවාසී ධන පරිත්‍යාග මත මෙම නිවාස අංග සම්පූර්ණ නිවාස බවට පත් කරලීමට පූර්ණ අධීක්ෂණය සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් සිදු කර තිබේ.
ඒ අනුව කැලණිය, පට්ටිය නැගෙනහිර වසමේ ගුරුකුල පටුමගේ නූර් හමීන් මහතාගේ නිවස, සිංහාරමුල්ල ප්‍රදේශයේ ඉදි කළ එම්.ඒ. නිලන්ති මහත්මියගේ නිවස මෙන්ම හුණුපිටිය හරිස්චන්ද්‍ර මාවතේ
අනූෂා ශ්‍යාමලී මහත්මියගේ නිවස විවෘත කිරීම සිදු වූ අතරම ඊරියවැටිය ප්‍රදේශයේ ඉන්ද්‍රා දර්ශනී මහත්මියගේ නිවස සහ එගොඩ ඊරියවැටිය ප්‍රදේශයේ ඉදි කළ සමන්ත කුමාරසිරි මහතාට අයත් නිවසද විවෘත කිරීම සිදු කෙරිණ.
එම අවස්ථාවට කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිනි ශාන්ති කුමුදුනී මෙනවිය ඇතුළු මන්ත්‍රීවරුන්, රාජ්‍ය අමාත්‍යතුමන්ගේ සම්බන්ධීකරණ ලේකම් තුෂාර සෙනරත්, කැලණිය සමෘද්ධි මූලස්ථාන කළමනාකාරිනි කේ. පද්මා, සමෘද්ධි සමාජ සංවර්ධන සහකාර රුවන් සුරංජිත් යන මහත්ම මහත්මීන් ඇතුළු ජනතා නියෝජිතයින්, ප්‍රදේශවාසීන් සහභාගී වී සිටියහ.