එම කමිටුව පත් කර ඇතත් විදිමත් පරිදි එම කමිටුව ක්‍රියාත්මක වන්නේ නැත. එමනිසා එම කමිටුව යළි සක්‍රිය කිරීම මගින් ජල මූලාශ්‍ර සංරක්ෂණය හා ආරක්ෂාව සඳහා විශාල වැඩ කොටසක් කළ හැකි බව ද ලේකම්වරයා අවධාරණය කළේය.
සුරකිමු ගංගා වැඩ සටහනේ ජාතික කමිටුවේ ප්‍රගති සමාලෝචන රැස්වීම අමතමින් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙම අදහස් පළ කළේය. මෙම කමිටුව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් (28) මධ්‍යම පරිසර අධිකාරියේ දී රැස් විය.
වාරිමාර්ග අමාත්‍යාංශය මගින් සිදු කර ඇති සංගණනයකට අනුව දිවයිනේ ස්වාභාවික ජල උල්පත් 3540ක් හදුනාගෙන තිබේ. ඒ අතර නුවරඑළිය 1544ක්, මහනුවර 204ක්, කුරුණෑගල 319ක්, මොනරාගල 210ක්, මාතලේ 208ක් ද වශයෙන් වැඩිපුරම ජල උල්පත් සහිත ප්‍රදේශ වේ.
එමෙන්ම අප රටේ වැව් 14,000ක් පමණ ඇති අතර ඉන් බහුතරයක් වියලි කලාපය තුළ පිහිටා ඇත. අප රටේ කෘෂිකාර්මික කටයුතු සඳහා මෙන්ම පානීය ජලය සඳහා අවශ්‍ය ජලය ලබා ගනු ලබන්නේ මෙම ජල පෝෂක ප්‍රදේශ ඇසුරිනි. එමනිසා මෙම ජල පෝෂක ප්‍රදේශ සංරක්ෂණය කිරීම සඳහා අන්තර් අමාත්‍යාංශ කමිටුව මගින් සහයෝගය ලබාගැනීම මත සියයට 100ක සාර්ථකත්වයට එය හේතුවක් වන බව ද ලේකම්වරයා සඳහන් කළේය. මෙම අන්තර් අමාත්‍යාංශ කමිටුවට ප්‍රධාන අමාත්‍යාංශය ඇතුළු ආයතන 23ක් ඇතුළත් වේ.