අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රුහුණු විශ්වවිද්‍යාලය හා ජාතික තරුණ සේවා සභාව ඒකාබද්ධව මෙහෙය වූ මාධ්‍ය පාඨමාලාවේ ඊයේ (30) සහතික පත්‍ර ප්‍රදානය උලෙලේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමිණි. රුහුණ
විශ්වවිද්‍යාලයේ පැවති උත්සවයේ දී සහතික පත්‍ර 37ක් ප්‍රදානය කෙරිණ. විසිවන ශත වර්ෂයේ මුල් භාගයේ මුද්‍රිත මාධ්‍ය අත්පත් කරගෙන තිබූ මාධ්‍යයේ ප්‍රධාන භූමිකාව විසි වන ශතවර්ෂය අවසාන වනවිට ඉලෙක්ට්‍රොනික් මාධ්‍ය විසින් අත්පත් කර ගත් අතර 21 වන ශත වර්ෂය වන විට එම තත්ත්වය නව මාධ්‍ය හිමිකරගෙන ඇත.
මාධ්‍යකරුවාගේ භූමිකාව වන්නේ ලෝකයේ තිබෙන වටිනාම භාණ්ඩය වන දත්ත හෙවත් තොරතුරු සම්ප්‍රේෂණය කිරීමයි. තොරතුරුවලින් ජනතාව සන්නද්ධ කිරීම හා එම වගකීම වෙනුවෙන් පෙනී සිටිම මාධ්‍යකරුවාගේ වගකීම යි. එමෙන්ම මාධ්‍යකරුවා නව මාධ්‍ය තුළ ආකල්ප මත පදනම් නොවී තොරතුරු මත පදනම්වීම වැදගත් බව අමාත්‍යවරයා තවදුරටත් පැවසිය.
මෙම අවස්ථාවට රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන මහතා හා තරුණ සේවා සභාවේ පලාත් අධ්‍යක්ෂ ජනක හෙට්ටිආරච්චි මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.