එහිදී සර්ධාපුර ප්‍රදේශයේ නව රෝහල ඉදි කිරීම සදහා සුදුසු යැයි යෝජනා විය. ඊට වෙන් කර ගැනීමට බලාපොරොතු වන ඉඩම අක්කර ප්‍රමාණය 50 කි.
ඉතා කඩිනමින් මෙම භුමිය සෞඛය අමාත්‍යංශයේ ලේකම්වරයාට පවරාදීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස ආණ්ඩුකාරවරිය දිසාපතිවරයාට උපදෙස් දුන්නාය.
මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන් අතුකෝරල ,ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් සමන් දර්ශන පාඩිකෝරාළ, හිටපු පළාත් අමාත්‍ය ආරියවතී ගලප්පත්ති, ආණ්ඩුකාර ලේකම් එල්.පි.මදනායක, සෞඛය අමාත්‍යංශයේ නිලධාරීන්, ත්‍රිකුණාමලය රෝහල් අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.