මෙදින ඇරඹෙන නව පාඨමාලාව න්‍යායික වශයෙන් මාස තුනක් ද ඩයමන්ඩ් කටර්ස් සමාගම තුළ ක්ෂේත්‍ර පුහුණුව මාස හයක් ද ලබා දී අවසානයේ දී ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය සහ ඩයමන්ඩ් කටර්ස් ආයතනයන්හි ඒකාබද්ධ සහතිකයක් ප්‍රදානය කෙරේ. මීට අමතරව ආධුනික කාලය අතරතුර සහ පුහුණු කාලය තුළ දී දීමනාවක් ලබා දෙන අතර අවසන් පරික්ෂණයෙන් සමත්ව පාඨමාලාව සාර්ථකව නිමා කරන ආධුනිකයන් ආයතනයට බඳවා ගැනීමටද කටයුතු කෙරේ. කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ මෙම පාඨමාලාව පැවැත්වීමට යෝජිත අතර පාඨමාලාවට අවශ්‍ය පුහුණු සම්පත්දාකත්වය, පුහුණු උපකරණ සහ පුහුණු ද්‍රව්‍ය ඩයමන්ඩ් කටර්ස් ආයතනය මඟින් සපයනු ලැබේ.
මෙම අවස්ථාව සඳහා වෘත්තීය පුහුණු අධිකාරිය නියෝජනය කරමින් එහි සභාපති එරංග බස්නායක මහතා, ඩයමන්ඩ් කටර්ස් ආයතනයෙහි කළමනාකරණ අධ්‍යක්ෂක සංජේ බෙයිඩ් මහතා, සාමාන්‍යාධිකාරි මොයින් සූමර් මහතා ඇතුළු පිරිසක් ද නව පාඨමාලාවට සුදුසුකම් ලැබූ සිසු සිසුවියන්ද සහභාගී වූහ. වැඩසටහනින් අනතුරුව අමාත්‍යතුමිය විසින් ආයතනය තුළ නිරීක්ෂණ චාරිකාවකටද සහභාගි විය