"යුන්නාත් " විශ්ව විද්‍යාලය ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව එහි සිසු අධ්‍යයන කටයුතු සඳහා ශ්‍රි ලංකාවේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ හා ශ්‍රී ලංකා ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලයේ අනුමත සංස්කෘතික, ආගමික, දේශපාලනික, ආර්ථික, පාරිසරික, ඉතිහාස හා සමාජයීය පොත් දහසක් පරිත්‍යාග කිරීම 2021.12.30 දින බත්තරමුල්ල, ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදු විය.
එම පොත් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi zhenhong මහතා වෙත භාරදුන් මෙම අවස්ථාවට, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, චීන තානාපති කාර්යාලයේ සංස්කෘතික උපදේශක ZHANG_Yingbao, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් පී. එන් අයිලප් පෙරුම, ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලයේ ලේකම් පී.කේ විතාන, Read Plus පදනමේ සභාපති දිනේෂ් විජේතුංග යන අය එක් විය.