පෙබරවාරි 08, 2025
tami eng youtube  twitter facebook

    සියක් නගර ව්‍යාපෘතියේ මහනුවර දිස්ත්‍රීක් ප්‍රගතිය සමාලෝචනය කෙරේ

    ජනවාරි 03, 2022

    පෞද්ගලික - රාජ්‍ය සහයෝගීතාවයෙන් වඩා විධිමත් වු මහනුවරක් වෙනුවෙන් සැලසුම්

    සියක් නගර ව්‍යාපෘතිය යටතේ මහනුවර දිස්ත්‍රීක් ප්‍රගතිය සමාලෝචනයට ලක් කරමින් වර්තමානය වන විට පැන නැගී ඇති ගැටලු සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාර පරිශ්‍රයේදී (30) පැවැත්විය.

    ඒ අනුව මහනුවර රජ වීදීය මාවත සම්බන්ධයෙන් වන ගැටලුකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් මෙහිදී වැඩි වශයෙන් කරුණු සාකච්ඡා වු අතර, නාගරික සංවර්ධන අධිකාරියත් මහනුවර නගරයේ ව්‍යාපාරිකයින්ගේත් සහයෝගීතාවයෙන් වඩා විධිමත් ආකාරයෙන් එම ගැටලු විසදා ගැනීම සදහා මෙහිදී එකඟතාවයකට පැමිණි අතර, ඒ ඔස්සේ පදික වේදිකා සහ වඩා අලංකාරවත් මහනුවරක් වෙනුවෙන් වන ඉදිරි වැඩසටහන් ක්‍රියාවට නැංවීමට නියමිතව ඇත. මෙහිදී අදහස් දක්වමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ, සමාජයේ බහුතරයක් ආත්මාර්ථකාමී හැගීමෙන් කටයුතු කිරීම නිසා සමස්ථ සමාජයම පීඩාවට පත් ව ඇති බවයි. තමාගැන පමණක් සිතමින් ඉදිකිරීම් කටයුතු සිදුකරමින්, වාහන ගාල් කිරීම් සිදුකරමින් නොයෙක් ආකාරයේ අවිධිමත් ක්‍රියා වල නිරත වෙමින් කටයුුතු කිරීම හේතුවෙන් විවිධාකාර වු ගැටලු නිර්මාණය වී ඇති බවත්, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ ව්‍යාපෘති නිර්මාණය කරමින් නගර අලංකරණය කරමින්, රට සංවර්ධනය කිරීමේ කාර්යයන් සිදු කිරීමට කටයුතු කළත් ජනතාවගේ සහයෝගය නොමැතිව ජනාධිපතිවරයාට එම කාර්යයන් තනිවම ගොඩනැංවිය නොහැකි බවත් එම මහතා මෙහිදි සදහන් කර සිටි අතර, මාර්ග සංවර්ධන, විදුලි බල, ජලාපවාහන වැනි සියලු ආයතන මනා සම්බන්ධීකරණයක් යටතේ කටයුතු කරන්නේනම් මිට වඩා සඵලදායි ආකාරයෙන් ජනාතවට සේවය කිරීමටත්, සංවර්ධන කටයුතු සිදුකිරීමටත් හැකියාව පවතින බව ඒ මහතා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.

    මෙම අවස්ථාව සදහා පළාත් ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න, මහනුවර දිස්ත්‍රීක් ලේකම් චන්දන තෙන්නකෝන්, මධ්‍යම පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) මංජුලා මඩහපොඩ, නාගරික සංවර්ධන අධිකාරියේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ ජී.කේ.ගුණතිලක, මධ්‍යම පළාත් සභාවේ හිටපු නියෝජ්‍ය සභාපති ආණ්ඩුකාර මහජන සම්බන්ධීකරණ නිළධාරී එස්.බී.රත්නායක යන මහත්ම මහත්මීන් ද එක් ව සිටියේය.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya