පෙබරවාරි 08, 2025
tami eng youtube  twitter facebook

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නව වසරේ රාජකාරී අරඹයි

    ජනවාරි 03, 2022

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නව වසරේ රාජකාරී ආරම්භ කිරීම අද (03)උදෑසන දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දී සිදු විය.

    ජාතික ධජය එසවීමෙන් අනතුරුව රට දැය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්, රාජ්‍ය සේවකයින් ඇතුළු සියලු අය සිහිකරමින් විනාඩි දෙකක සිහි කිරීමක් සිදු කළේ ය.

    සෞඛ්‍ය රෙගුලාසිවලට මුල් තැන දෙමින් නව වසරේ රාජකාරී ආරම්භ කිරීම සිදු වූ අතර මෙම අවස්ථාවට එක්වෙමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතා පැවසුවේ, මෙහෙවර තේරුම් ගනිමින් ඉහළ ආර්ථික හා සමාජ සංවර්ධනයක් , ස්ථාවර සමාජයක් සහ ජන කොටස් අතර ආදරය සෙනෙහස වර්ධනය වන පරිසරයක් ගොඩ නැඟීමට සන්නිවේදනයෙන් දායක වෙමු''යන්නයි.

    මෙම වසරේ රජයේ ආර්ථික දැක්ම යථාර්තයක් බවට පත් කිරීමෙහිලා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට විශාල කාර්යභාරයක් පැවරී ඇතැයිද අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය.

    රටක සංවර්ධන කාර්යය සාර්ථක කරගැනීමට නම් එම රටේ ජනතාව සංවර්ධන ක්‍රියාදාමය පිළිබඳ නිවැරදි අවබෝධකයකින් සිටිය යුතු බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වී ඇත්තේ එම සංවර්ධනය වඩාත් පැහැදිලි ලෙස ජනතාවට සන්නිවේදනය කිරීම බවද පෙන්වා දුන් අධ්‍යක්ෂ ජනරාල්වරයා, ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ යම් යම් ප්‍රතිසංස්කරණ සිදු කළ යුතු තැන් ඇතයිද කීය.

    කොවිඩ් රෝගය අවසන් වී නොමැති වුවත් සතුටු දායක ලෙස පාලනය කිරීමට රටට හැකි වී ඇති බව පෙන්වා දුන් අධ්‍යක්ෂ ජනරාල්වරයා, එවැනි සුබවාදී වාතාවරණයක නව වසර ආර‍ම්භ කරන බවද කීය.

    මෙම අවස්ථාවට එක් වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසූවේ, පොදු ප්‍රවාහන පරිහරණය කිරීමේ දී වඩාත් සැළකිලිමත්ව කටයුතු කරන ලෙසයි. තවද කොවිඩ් අවදානම පහව ගොස් නොමැති හෙයින් අත් සේදීම, මුඛ ආවරණ පැළඳීම ඇතුළු සෞඛ්‍ය පුරුදු නිසි ලෙස පවත්වා ගන්නැයි ඒ මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya