මෙහි දී අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත් මහතා ජාතික ධජය එස වූ අතර ජාතික ගීය ගායනා කිරීමෙන් පසු නිල උත්සවයේ කටයුතු ආරම්භ කෙරිණි.
පළමුව මව්බිම වෙනුවෙන් දිවි කැප කළ රණවිරුවන් සිහිපත් කරමින් මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක නිරත වු අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩලය අනතුරුව රාජ්‍ය සේවා ප්‍රතිඥාව හඬ නගා කියවූහ. නව වසරට සුභාශිංසන එක් කරමින් රට හමුවේ ඇති අභියෝග ජය ගැනීමට රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය ඉවහල් වී ඇති බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත් මහතා නව වසරේ ඇති අභියෝග ජය ගැනීමට මාණ්ඩලික නිලධාරීන් ඇතුළු සමස්ත රාජ්‍ය සේවකයන්ගේ කැපවීම අපේක්ෂා කරන බව කියා සිටියේය.
අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා මෙසේ ද කීවේය.
අති විශාල අභියෝග රාශියක් මැද 2021 වර්ෂය අපිට වැඩ කටයුතු කරන්න සිදුවුණා. 2020 වර්ෂයේ ඉදලම මේ අභියෝග අපිට තිබුණා. පසුගිය වර්ෂ දෙක ගත්තම ඔබ දන්නවා මේ රට මාස 18 කටත් වැඩි කාලයක් වරින් වර වසා දමා තිබුණේ. එවැනි අභියෝගාත්මක කාලයත් තුළ තමයි අපේ රාජකාරි කටයුතු කරන්න සිදුවුනේ. ඔබ සියලුදෙනාම දන්නවා අග්‍රාමාත්‍ය කාර්යාලය සුවිශේෂී කාර්යක් කොවිඩ් වසංගත අවදියේදී සිද්ධ කළා. ඒ තමයි විශේෂයෙන්ම කොවිඩ් වසංගතය හමුවේ රට අකර්මන්‍ය වෙමින් තිබෙන අවස්ථාවේ මේ රට නැවත ඉදිරියට ගෙන යාම එහෙම නැත්නම් ජනතාවගේ අවශ්‍ය එදිනෙදා කටයුතු ඉටුකිරීම සඳහා කාර්ය සාධක බලකායක් අතිගරු ජනාධිපතිතුමා පිහිටවූවා. එම කාර්ය
සාධක බලකාය ක්‍රියාත්මක වූයේ අපේ අග්‍රාමාත්‍ය කාර්යාලයෙන්. මම දන්නවා මේ සියලුම නිලධාරීන් තමන්ට හැකි පමණ ශක්තියෙන් ඒ අභියෝග වලට මුහුණ දෙමින් දිවා රාත්‍රී නොතකා මේ කාර්යාලයට පැමිණිලා තමන්ගේ සේවය රට වෙනුවෙන් ඉටුකෙරුවා.
2022 වර්ෂය දිහා අපි බැලුවොත් අපිට නැවුම් වර්ෂයක් අද ඉඳන් ලැබිල තියෙනවා.මේ නැවුම් වර්ෂය අලුත් මුහුණුවරකින් අපි ආරම්භ කළ යුතු යැයි අපි සියලුදෙනාම අදිටන් කරගත්තෝත් හොඳයි. ලෝකයම මුහුණ දෙන කොවිඩ් වසංගත අභියෝගයට මුහුණ දෙන්න රජය දැඩි අදිටනකින් කටයුතු කළා. ඔබ දන්නවා අද වන විට කොවිඩ් වසංගතය ඉතාමත්ම පහළ මට්ටමක් දක්වා අපි පාලනය කරගෙන තියෙනවා. මම දැක්ක හැටියට ඊයේ කොවිඩ් ආසාධිතයන් ගණන තුන්සිය ගණනක්. ඒක නිසා මේක ඉතාමත් හොඳ තත්ත්වයක්. මෙවැනි තත්ත්වයක් අපිට උදාකර ගන්න හැකිවුනේ අපගේ රටේ රාජ්‍ය සේවයේ තිබෙන්නා වූ කාර්යක්ෂම බව නිසයි. ඔවුන් තමන්ට දුන් රාජකාරිය නිසි පරිදි ඉටුකෙරුවා. ශක්තිමත් රාජ්‍ය සේවයක් තිබෙන නිසා තමයි කොවිඩ් වසංගතයට අපිට මේ තරම් සැළසුම් සහගතව මුහුණ දෙන්න හැකි වුනේ. අද ලෝකයේ අනිත් රටවල් දිහා බලන්න. යුරෝපයේ රටවල් කිහිපයක් දැනටත් වසා තිබෙනවා. එවැනි තත්ත්වයක් තිබියදීත් අපිට අද මේ වගේ සැළසුම් තත්ත්වයකින් ඊට මුහුණ දිය හැකිව තිබෙනවා යැයි හෙතෙම පැවසීය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද මහතා විසින් සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් තුළ ඵලදායී පුරවැසියෙක් සහ නීල හරිත රටක් බිහිකිරීම සඳහා රජයේ ප්‍රතිපත්ති ඉටුකර ගැනීමට රාජ්‍ය සේවයේ දායකත්වය දැඩි කැපවීමකින් ලබා දීමේ අවශ්‍යතාව තේමා කරගනිමින් මෙහි දී දේශනයක් පැවැත්වීය. “මහින්ද චින්තනයෙන් ආරම්භ කළ බොහෝ දේවල් මත තමයි අපි තාමත් වැජඹෙන්නෙ. අපි සමබර ආර්ථිකයක් තුළයි වැඩ කරගෙන ආවේ. 2015 ඇතිවුණ දේශපාලන පෙරළිය එක්ක අපට එහි ඵල නෙලා ගන්න බැරි වුණා. විශේෂයෙන් අග්‍රාමාත්‍යතුමාගේ නායකත්වය යටතේ මේ ආණ්ඩුව හැමදාමත් රජයේ සේවකයන් ගැන විශ්වාසය තැබුවා.
2019 මුල සහ පාස්කු ඉරුදින ප්‍රහාරයත් එක්ක ලෝක ඇගයීම් දර්ශකවල අපි පහළට යන්න පටන් ගත්තා. නමුත් දැන් තියෙන තත්ත්වය අනුව අපේ රටේ ආර්ථිකය වැටෙයි ද කියලා හැමෝම අහනවා. එහෙම තත්ත්වයක් නැහැ. හැබැයි මේ ආර්ථික වර්ධනය ඉහළ දමන්න ඔබ අප සියලු දෙනාටම වගකීම් තිබෙනවා. සෞඛ්‍ය සම්පන්න පැත්ත ගත්තම එන්නත්කරණයෙන් අපි ඒ කටයුත්ත නිසි පරිදි ඉටු කරලා තියෙන්නෙ. ආර්ථිකය උද්ධීපනය කරන්න නම් මුදල් ලබා දීම තමයි කළ යුත්තේ. බිම් මට්ටමේ ජනතාවට එය ඉතා වැදගත්. අපේ ඊළඟ ක්‍රමෝපාය විය යුත්තේ රටට ආයෝජන ගෙන එන්නේ මොන වගේ ක්‍රමවේද වලින් ද යන්නයි. එන්නත්කරණය වැඩපිළිවෙල හොඳ නිසා වසා දැමීමේ අවදානමක් තිබුණ කර්මාන්තශාලා ඒ නිෂ්පාදන කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් සිටිනවා. ඩිජිටල්කරණය, ඒවගේම රාජ්‍ය සේවයට ලබාදෙන අඛණ්ඩ පුහුණුව ලබාදීමත් තාක්ෂණය අතින් ඉදිරියට යාමත් රාජ්‍ය සේවයේ ඵලදායීතාව ඉහළ දැමීමටත් ඉතා වැදගත් වෙනවා යැයි මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද මහතා පෙන්වා දුන්නේය. කොවිඩ් -19 වෛරසය ව්‍යාප්ත වීම වළක්වා ගැනීම උදෙසා රට හමුවේ ඇති පුද්ගල හා සමාජ වගකීම අවධාරණය කරමින් කායික රෝග
විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ද මෙහි දී අදහස් පළ කළේය. කොවිඩ් වසංගතයට මුහුණ දීම සඳහා ඉදිරියටත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍ය වෙනවා.නිසි ආකාරයෙන් අත් සෝදා පිරිසිදුව තබා ගැනීම.අත්‍යාවශ්‍ය නොවන තැන්වල යාමෙන් වළකින්න.දුරස්ථභාවය ආරක්ෂා කරගන්න. මුව ආවරණය නිසි ආකාරයෙන් පළදින්න. දුම් පානයෙන් වළකින්න යැයි ඉල්ලා සිටි විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා මෙම තත්ත්වය සමඟ ඉදිරියට යාමේ දී ධනාත්මකව අලුතින් හිතන්න යැයි ඉල්ලා සිටියේය.
පූජ්‍ය එගොඩඋයන ඤාණවිමල ස්වාමීන්වහන්සේ මෙහි වැඩම කර සිටියහ. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්වරුන්වන නීතිඥ චමින්ද කුලරත්න, හර්ෂ විජේවර්ධන මහත්වරු ඇතුළු අග්‍රාමාත්‍ය කාර්යාල මණ්ඩලයේ සියලුම සමාජිකයෝ එක්ව සිටියහ.