පෙබරවාරි 08, 2025
tami eng youtube  twitter facebook

    අගමැති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ බැහැ දකී

    ජනවාරි 03, 2022

    නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයට ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (03) පෙරවරුවේ බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක, කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි බැහැ දැක නව වසරට ආශිර්වාද ලබා ගත්තේය.


    පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ මෙහි දී අග්‍රාමාත්‍යතුමාට ආශිර්වාද එක් කරමින් නව වසරේ රට හමුවේ ඇති අභියෝග ජය ගැනීම සඳහා නායකත්වය ලබා දෙන්නැයි අග්‍රාමාත්‍යතුමාගෙන් ඉල්ලා සිටියේය.
    සියලු අභියෝග ජයගෙන රට ඉදිරියට ගෙන යාමට මහා සංඝරත්නයේ ආශිර්වාදය සහ ජනතාවගේ සහය අග්‍රාමාත්‍යතුමාට නොඅඩුව ලැබෙන බව ද මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ මෙහි දී සඳහන් කළහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya