පෙබරවාරි 08, 2025
tami eng youtube  twitter facebook

    ITN නව සභාපති ධුරයට නිරෝෂන් ප්‍රේමරත්න මහතා පත් කෙරේ

    ජනවාරි 03, 2022

    ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ නව සභාපති ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම මාධ්‍යවේදියෙකු ද වූ නිරෝෂන් ප්‍රේමරත්න මහතා පත් කර තිබේ. ඊට අදාළ පත්වීම් ලිපිය ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අතින් අද (01)ලබා ගත්තේ ය.

    ස්වාධීන රූපවාහිනියේ මාධ්‍යවේදියෙකු ලෙස සිය මාධ්‍ය දිවිය ඇරඹූ නිරෝෂන් ප්‍රේමරත්න මහතා, ප්‍රවෘත්ති නිෂ්පාදකවරයෙකු මෙන්ම නිවේදකයෙකු ලෙස සිය ප්‍රතිභාව විදහා දැක්වීය.

    හොදම ප්‍රවෘත්ති නිවේදනය වෙනුවෙන් ඔහු සම්මානයටද පාත්‍ර විය. පසුව මාතර දිස්ත්‍රික්කයෙන් දේශපාලනයට පිවිසි ඒ මහතා එම දිස්ත්‍රික්කයෙන්ම පාර්ලිමේන්තුවටද පත් විය.

    රුහුණ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ උපාධිධාරියෙකු වන නිරෝෂන් ප්‍රේමරත්න මහතා, මාධ්‍යවේදියෙකු මෙන්ම දේශපාලනඥයෙකු යන ක්ෂේත්‍ර දෙකෙහිම ඉහළම ජනතා ප්‍රසාදයට පාත්‍ර වූ අයෙකුවීම විශේෂත්වයකි. ස්වාධීන රූපවාහිනි සේවයේ මාධ්‍යවේදියෙකු ලෙස සේවය කළ අයෙකු එහි සභාපති තනතුරට පත් වූ ප්‍රථම අවස්ථාවද මෙය වීම විශේෂත්වකි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya