පෙබරවාරි 08, 2025
tami eng youtube  twitter facebook

    රටට අවශ්‍යම මොහොතක අපිට කඩාගෙන වැටෙන්න අයිතියක් නෑ- නැඟෙනහිර ආණ්ඩුකාර

    ජනවාරි 04, 2022

    “අප සියළු දෙනාටම ජිවිතයේ විවිධ කඩා වැටිම් තියෙනවා. ඒවා දේශපාලන වෙන්න පුළුවන් පෞද්ගලික කඩා වැටිම් වෙන්න පුළුවන් .නමුත් රටට අවශ්‍යම මොහොතක අපිට කඩාගෙන වැටීමට අයිතියක් නෑ. අපි මේ රටේ ඉපදුණේ මේ රටට අපි අවශ්‍ය නිසයි.” යැයි නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.

    ත්‍රිකුණාමලය පිහිටි නැගෙනහිර ආණ්ඩුකාර කාර්යාලයේ 2022 වසරේ රාජකාරි කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමින් ආණ්ඩුකාරවරිය මේ බව කියා සිටියාය. නව වසරේ රාජ්‍ය සේවා ප්‍රතිඥාව ලබාදිමෙන් පසුව සර්ව ආගමික වතාවත් සිදු කළහ. ඉන් අනුතරුව පැවති උත්සව සභාව ඇමතූ ආණ්ඩුකාරවරිය මෙසේද වැඩිදුරටත් පැවසුවාය.

    “අපේ රට දැන් තියෙන්නේ තවත් එක් සංදිස්ථානයක. දේශපාලන භේදයකින් තොරව සියළු දෙනාම එකට එක්ව කටයුතු කිරීමේ අවස්ථාව දැන් උදා වෙලා තියෙනවා. කොවිඩ් වසංගතය තදබල ලෙස අපේ රටට ආවා. ලෝකයේ දියුණු රටවල වගේම අපේ රජයත් එන්නත්කරණය සාර්ථකව සිදු කළා. අද හැමෝම ඩොලර් හිගයක් ගැන කතා කරනවා. විශාල ඩොලර් ප්‍රමාණයක් එන්නත් ආනයනය කිරීම සඳහා වැය වූණා. අපේ සංචාරක කර්මාන්තය බිංදුවටම කඩා වැටුණා. අපනයනය අඩු වුණා. ලෝකයේ රටවල් වලින් ලැබෙන ඇනවුම් නැති වුණා. මේ ඩොලර් හිගය ඇත්වුණේ ඒ නිසයි. මේ ආර්ථික කඩා වැටීම සිදු වුණේ ඩොලර් හිඟය නිසයි. කොහොම වුනත් රජය ජනතාව මරණයෙන් මුදවා ගැනීම සඳහා මුල් තැන දී කටයුතු කළ නිසයි විශාල ඩොලර් ප්‍රමාණයක් වැය කරලා එන්නත් ගේන්න සිදු වුණේ.

    සමහරු ආහාර හිඟයක් ගැනත් කතා කරනවා. ඒක අමුලික බොරුවක්.ඒ වගේ අමුලික බොරු වලින් සිද්ධ වෙන්නේ අපිව තවතවත් පහළට වැටෙන එකයි. ඉතිහාසයේ අපිට අත්දැකීම් තියෙනවා සෝමාලියාව ඉතියෝපියාව වගේ දියුණු රටවල් කඩාගෙන වැටුණා. ඒ රටවල් වල ආර්ථිකය කිසි දවසක ගොඩ ගන්න බෑ. අපේ රටේ ආර්ථිකය නැත්තටම නැති වෙන්න කඩාගෙන වැටුනොත් ආයෙමත් කිසි දවසක ගොඩ ඒමක් නෑ. දේශපාලන පක්ෂ මාරු වුණා කියලා එදාට මේ රට මොන දේ කළත් ගොඩ ගන්න බෑ. ඒ නිසා අපි සියළු දෙනා කරන්න ඕනේ මේ රට නොවැටී ඉන්න තැනට කටයුතු සිදු කරන එකයි.” යැයිද ආණ්ඩුකාරවරිය වැඩිදුරටත් කීවාය.

    මේ අවස්ථාවට ආණ්ඩුකාර ලේකම් එල්.පී. මදනායක, සහකාර ලේකම් ඒ.ජී. දේවේන්ද්‍රන් මහතා ඇතුළු කාර්යය මණ්ඩලයේ සියළු දෙනා එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya