ජූනි 08, 2025
tami eng youtube  twitter facebook

    2022 දී ලක්ෂ 3ක් රැකියා සඳහා විදේශ ගත කිරීමට පියවර

    ජනවාරි 04, 2022

    2022 වර්ෂයේදී විගමණික ශ්‍රමිකයින් ලක්ෂ 3ක් රැකියා සඳහා විදේශ ගතකිරිමට බලාපොරොත්තු වන බව විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා ප්‍රකාශ කළේය.

    පසුගිය වසරේදී ශ්‍රමිකයින් 120,000 ක් පමණ විදේශ රැකියා සඳහා ලියාපදිංචි කිරීමට හැකි වූ බවත්, කොවිඩ් වසංගතය පැවති සමයේදී රටවල් රැසක් අර්බුදවලට මුහුණ දුන් අවස්ථාවක සාර්ථකව විදේශ රැකියා ක්ෂේත්‍රය අඩපණ නොවී රැගෙන යාමට හැකි වූ බවද සඳහන් කළේය.

    පියංකර ජයරත්න මහතා මෙම අදහස් පළකළේ, නව වසරේ රාජකාරි ආරම්භ කරමින්, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවක මණ්ඩලය අමතමිනි. එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, අවම වශයෙන් දිනකට ශ්‍රමිකයින් 850 දෙනෙකුවත් ලියාපදිංචි කිරීමට සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතු බවයි. මෙම ඉලක්කය සපුරා ගැනීමට නම්, සියළුම නිළධාරීන් කැපවී සිටිය යුතුය. එසේම විදේශ රැකියා නියෝජිතායතනවල සහයෝගයද අත්‍යාවශ්‍ය බව සඳහන් කළේය.

    විදේශ රැකියා ලාභීන්, රැකියා නියෝජිතායතන හා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්ව සාර්ථක ගමනක් ආරම්භ කර ඇති බවත්, ඒ සඳහා තමා නායකත්වය ලබා දෙන බවද ඔහු සඳහන් කළේය.

    මෙම අවස්ථාවට කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාද සහභාගි වූ අතර, ඊට අමතරව රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර, කාර්යාංශයේ සභාපති මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ, සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී.සේනානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya