ජූනි 08, 2025
tami eng youtube  twitter facebook

    ජාතික පොහොර ලේකම් කාර්යාලය අලුත් තැනකට

    ජනවාරි 04, 2022

    ජාතික පොහොර ලේකම් කාර්යාලය සෙත්සිරිපාය දෙවන අදියරේ 13වන මහලේ ස්ථාපිත කිරීම කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ හා කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (03) සිදු විය.

    මෙහිදී මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කරමින් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේ රජයෙන් ලබා දුන් කාබනික පොහොර භාවිත කිරීමෙන් අස්වැන්නේ යම් අඩුවක් ඇතිව තිබෙන බව පරික්ෂණවලදී ඔප්පු වුවහොත් පමණක් වගා හානි වන්දි ලබාදීමට රජය කටයුතු කරන බවය.

     

    මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ජාතික පොහොර ලේකම් කාර්යාලයට පෙරට වඩා වගකීම් රැසක් පැවරෙන බැවින් ඒ වගකීම් ස්වාධීනව ඉටු කීරිම සඳහා ඉඩකඩ සහිත කාර්යාලයක අවශ්‍යතාව මතුව තිබු නිසා නව කාර්යාලය ආරම්භ කළ බවය.

     

    ඇතැමුන් සඳහන් කරන ආකාරයට චීනයේ පොහොර නිෂ්පාදන සමාගමකින් මෙරටට රැගෙන ආ කාබනික පොහොර නැවට වන්දි ගෙවන බවට කරන ප්‍රකාශය සාවද්‍ය බවත්, වන්දි ගෙවීමට වරදක් සිදු කර නැති බවත් අමාත්‍යවරයා කීවේය.

     

    මෙහිදී අදහස් ප්‍රකාශ කළ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ හරිත කෘෂිකර්ම වැඩසටහන සාර්ථක කර ගැනීමේදී ⁣ජාතික පොහොර ලේකම් කාර්යාලයට පැවැරෙන වගකීම් අප්‍රමාදව ඉටු කිරීමට නව පොහොර ලේකම් කාර්යාලයට හැකියාව ලැබෙනු ඇති බවය.

     

    ජාතික පොහොර ලේකම් කාර්යාලය නව පරිශ්‍රයක් තුළ ආරම්භ කිරීමේ මෙම උත්සව අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ හා ඒ යටතේ ඇති රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරු ඇතුළු ඉහළ නිලධාරීන් සහභාගී වී සිටියහ.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya