පෙබරවාරි 08, 2025
tami eng youtube  twitter facebook

    රාජ්‍ය සේවකයින්ට රුපියල් 5,000ක අතිරේක දීමනාවක්

    ජනවාරි 04, 2022

    රාජ්‍ය සේවකයින්ට රුපියල් 5,000ක අතිරේක දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පැවසීය.

    ඊයේ (03) මුදල් අමාත්‍යංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් මුදල් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    මේ අතර විශ්‍රාමිකයින් ලෙස සිටින 666,480 දෙනාට ද රුපියල් 5,000ක් මාසිකව අතිරේක දීමනාවක් ලෙසින් ලබාදීමට ද තීරණය කර තිබේ. සමෘද්ධි ලාභීන්ගේ රුපියල් 3,500 මාසික දීමනාවට ජනවාරි මාසයේ සිට අතිරේකව රුපියල් 1,000ක දීමනාවක් ලබාදීමට ද තීරණය කර ඇති බව බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

    එසේම වී කිලෝවක් සඳහා ගොවීන්ට රුපියල් 75ක් ලබාදීමට ද තීරණය කර ඇත. මේ අතර පර්චස් 20ක ගෙවතු වගාවේ නියැලෙන ගොවියන්ට රුපියල් 5,000ක දීමනාවක් ලබාදීමට තීරණය කර ඇත.

    එසේම අක්කරයට අඩු පර්චස් 20ට වැඩි ගෙවතු සඳහා රුපියල් 10,000 ක දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබේ. මෙම දෙපාර්ශවයටම මාස 6කට පසු නැවතත් එම මුදලම ලබාදීමටත් රජය තීරණය කර තිබේ.

    වතු ජනතාව වෙනුවෙන් එක් පවුලකට තිරිඟු පිටි කිලෝ 15ක් මාසයක් සඳහා කිලෝවක් රුපියල් 80 බැගින් වූ මිලකට ලබාදීමටද තීරණය කර තිබේ. ආනයනය කරනු ලබන සියලු අත්‍යවශ්‍ය ආහාර සහ බෙහෙත් ද්‍රව්‍ය සම්පූර්ණ බදුවලින් නිදහස් කිරීමට රජය තීරණය කර ඇති බවද මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

    පසුගිය වකවානුව තුළ රජය දැඩි මූල්‍ය අර්බුදයකට මෙන්ම විදෙස් සංචිත හිඟවීමේ තර්ජනයට මුහුණ පා සිටි බවත්, දැන් නැවතත් එම අර්බුදයෙන් මිදී විදේශ මුදල් සංචිත වැඩි වී ඇති බවත්, වත්මන් රජය දැඩි වෙහෙසක් දරා ජනතාවට සහන සැපයීමට හැකි තත්වයට රට පත් කළ බවත්, ඒ අනුව රාජ්‍ය සේවකයන් ඇතුලු ජනතාවට යම් කිසි සහන ප්‍රමාණයක් ලබාදීමට රජය කටයුතු කළ බවත් මුදල් අමාත්‍යවරයා පැවසීය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ සහල් මිල වැඩි නොකර රජයේ සහනාධාරයක් ලෙස ගොවි ජනතාවට වී කිලෝවකට රුපියල් 25ක මුදලක් ලබාදීමට කටයුතු කරන බවත්,වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයේ සිටි කාලයේ සිදුකළ අයුරින් ගෙවතු වගාව සඳහා ද මුදල් උපකාර කිරීමට කටයුතු කරන බවත්ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya