අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (04) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අඳහස් දක්වමිනි.
මෙරට තුළ දැනටමත් සූර්ය බලය ආශ්‍රිතව මෙගාවොට් 400ක පමණ විදුලිය ජනනය වීමක් සිදුවන බවද, නමුත් මේ මොහොත දක්වා දිවා කාලයේ සූර්යය බලයෙන් ජනනය කරගන්නා විදුලිය ගබඩා කර රාත්‍රියේ අත්‍යවශ්‍ය වේලාවල් වලදී භාවිතා කිරීමේ යාන්ත්‍රණය මෙරට තාක්ෂණය තවම අත්පත් කරගෙන නොමැති බවද පැවසීය.
මෙම යෝජනාවේ එය ගැබ්වී ඇතැයි ද, 2050දී කාබන් විමෝචනය ශුන්‍ය කිරීම සඳහා වූ සමුළුවේ දී ජනාධිපතිතුමා ලබාදුන් පොරොන්දුව සහ 2030දී අපේ රටේ විදුලිය ජනනය කිරීමට ප්‍රනර්ජනනීය බලශක්තියෙන් 70%ක් යොදාගැනීමේ ඉලක්කයත් යන සංකල්ප දෙක වෙත ඉක්මණින් යාමේ අරමුණෙන් මෙම යෝජනාව ක්‍රියාත්මක වූ බවද අමාත්‍යවරයා කීය.
පුනර්ජනනීය බලශක්තීන් මෙරටට ආදේශ කරන වැඩපිළිවෙළේ දී මෙය කිසියම් හැරවුම් ලක්ෂයක් බවට පත්වෙතැයි විශ්වාස කරන බවද, ඊයේ කැබිනට් මණ්ඩලයේදී සම්මත වුණු මෙම යෝජනාවට නොබෝ කලකින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කරන බවද පැවසුවේය