අමාත්‍යවරයා මාධ්‍යවේදීන්ගෙන් මෙලෙස ඉල්ලා සිටියේ, අද (04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී පසුගිය සති 02 ඇතුළත දරුවන් සම්බන්ධයෙන් සමස්ත සමාජයම කම්පනය වන ප්‍රවෘත්ති තුනක් පිළිබඳ කරුණු පෙන්වා දෙමිනි.
මෙය මාධ්‍යයෙහි වාද අවකාශයට ඇතුළ් කළ යුතු කරුණක් බව අවධාරණය කළ ජනමාධ්‍ය අමාත්‍යවරයා, මීට දශක තුන හතරකට පෙර සමාජයේ තිබූ පරිදි දරුවන්ට ගහන්නේ නැතිව හදන්න බැහැ යන අශිෂ්ඨ, අශීලාචාර, ගතානුගතික මතවාදය මෙම ශතවර්ෂයේ ප්‍රතික්ෂේප කර ඇතැයිද, මෙය දියුණු ශිෂ්ටාචාරය තුළ ඉදිරි ගමනක් යා යුතු වෙලාවක් බවත් පැවසීය.
මෙවැනි ප්‍රවෘත්ති වාර්තා කිරීම්, වාර්තා කරන ආකාරය පිළිබඳ සහ තවදුරටත් එවැනි සිදුවීම් වළක්වාගැනීමට මාධ්‍ය භාවිතාව මඟින් විශාල කර්තව්‍යයක් කළ හැකි බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.