පෙබරවාරි 08, 2025
tami eng youtube  twitter facebook

    රාජාංගණය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමෙන් ගංවතුර අවදානමක් නෑ

    ජනවාරි 04, 2022

    අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගණය ජලාශයේ වාන් දොරටු මේ වන විට විවෘත කර ඇති අතර ගංවතුර අවදානමක් නොමැති බව අනුරාධපුර ප්‍රාදේශීය ඉංජිනේරු එල්. කොටවිලආරච්චි මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.

    මේ වන විට රාජාංගනය ජලාශයෙන් තත්පරයට ඝන මීටර් 5900ක සහ අංගමුව ජලාශයෙන් තත්පරයට ඝන මීටර් 1200ක ප්‍රමාණයකින් ජලය නිකුත් වන බවද පැවසීය.
    තවද, ඌව පළාතේ මෙන්ම මඩකළපුව, අම්පාර, පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

    ත්‍රිකුණාමලය සහ අනුරාධපුරය දිස්ත්‍රික්කවල ද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තාම්න්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya