අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, අද (04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී සහන පැකේජ ලබා දීම සිදු කරන්නේ ළඟ එන මැතිවරණයක ඉඟියක් ලෙසද යන්න මාධ්‍යවේදියෙකු විසින් නඟන ලද පැනයකට පිළිතුරු වශයෙනි.
එමෙන්ම පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට කිසිඳු රටකින් බලකිරීමක් සිදු ව නොමැති බවත් එවැනි බලපෑම්වලට යටවීමේ සංස්කෘතියක් නොමැති බවත්, අවධාරණය කළ අමාත්‍යවරයා, ලබා දුන් මෙම සහන මල්ලේ මුඛ්‍ය පරමාර්ථය වන්නේ, ජනතාවට සහන ලබා දීම බවද අමාත්‍යවරයා කියා සිටියේ ය