රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද ( ජනවාරි 04) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ත්‍රිකුණාමලය තෙල් ටැංකි සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
එහිදී මාධ්‍ය විමසුවේ ඉන්දීය රජය සමඟ මෙරට අත්සන් කරන ගිවිසුම තුළින් සිදුවන්නේ නැවතත් වක්‍රාකාරයට තෙල් ටැංකි ඉන්දියාවටම ලබාදීමක් නොවේදැයි මාධ්‍ය විමසු විට අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් පැහැදිළි කරමින් පැවසුවේ, මෙම ගිවිසුම තුළින් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ලබාදීම බෙදී යන්නේ ලංකා අයි ඕ සී සමාගමට තෙල් ටැංකි 14ක්, ඛණිජ තෙල් සංස්ථාවට තෙල් ටැංකි 24ක් ලෙසත්, ඉතිරි 61 ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් ලිමිටඩ් නම් වූ රජයේ පූර්ණ පාලිත සමාගමට බෙදී යන ලෙසත් බවයි.
මෙම තෙල් ටැංකි 61ක් අයිති රජයේ පූර්ණ පාලිත සමාගමෙන් කොටස් 51%ක් මෙරටට අයිති බවත්, ඉතිරි 49% ක කොටස් ලංකා අයි ඕ සී සමාගමට ලබා දෙන බවත්, මෙහි පාලනය කොටස් බහුතරයක් හිමිවන තෙල් සමාගමට ලැබෙන බවත් අමාත්‍යවරයා පැවසීය.
51%ක කොටස් ලබාගැනීම තුළින් රජයේ පාලනයට නතු වන හෙයින් එම සමාගමේ ගණනය කිරීම් විගණකාධිපතිවරයාට ගණනය කළ හැකි බවත්, කෝප් කමිටුවට අධ්‍යක්ෂ මණ්ඩලය කැඳවිය හැකි බවත්, මෙම ආයතනය රාජ්‍ය යාන්ත්‍රණයේ ග්‍රහණයට ලක්වූ රාජ්‍ය සමාගමක් ලෙස මෙම සමාගම ස්ථාපිත වන බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිළි කළේය.
මේ සම්බන්ධ ගිවිසුමට කැබිනට් අනුමැතිය ලැබුනේ ජනවාරි 03 දා බවත්, එහෙයින් නුදුරේදී එම ගිවිසුම අත්සන් කිරීමට දිනයක් යොදාගන්නා බවත්, ඉදිරි සතිය තුළ අදාළ ගිවිසුම අත්සන් කිරීමට හැකිවනු ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.