පෙබරවාරි 08, 2025
tami eng youtube  twitter facebook

    සත්‍ය තොරතුරු හා දත්ත මත පදනම්ව කරන ඕනෑම විවේචනයක් පිළිගැනීමට ආණ්ඩුව සූදානම්- අමාත්‍ය ඩලස් අලහප්පෙරුම

    ජනවාරි 04, 2022

    සත්‍ය තොරතුරු හා දත්ත මත පදනම්ව කරන ඕනෑම විවේචනයක් පිළිගැනීමට ආණ්ඩුව සූදානම් බවත්, භාෂණයේ නිදහස සීමා කිරීමට කටයුතු නොකරන බවත්, යම් අයුරකින් භාෂණයේ නිදහස සීමා කිරීමට කටයුතු කර ඇත්නම් එය ආරක්ෂා කිරීම සිය වගකීම බවත්, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද ( ජනවාරි 04) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    සෑම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ප්‍රකාශනයේ හා භාෂණයේ නිදහස ආරක්ෂාව තිබිය යුතු දෙයක් බවත්,එය මූලික කොන්දේසියක් බවත්, අමාත්‍යවරයා පැවසීය.

    මේ අවස්ථාවේදී අදහස් දැක්වූ අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසුවේ, සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් නීති ලෝකය පුරා සම්පාදනය වී ඇති බවත්, අන් අයගේ ජීවිතවලට බලපෑම් කිරීමට සමාජ මාධ්‍ය තුළින් කටයුතු කර ඇති බවත් මේ නිසා සමාජ මාධ්‍ය භාවිතයේ දී වගකීම් සහිතව කටයුතු කළ යුතු බවද පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya