පෙබරවාරි 08, 2025
tami eng youtube  twitter facebook

    අභියෝග මැද්දේ වුවද රජය ජනතාවගේ අවශ්‍යතාවයට ප්‍රමුඛතාවය දෙනවා - විදුලිබල අමාත්‍ය

    ජනවාරි 04, 2022

    කොවිඩ් අභියෝගය සහ විපක්ෂය විසින් හිතාමතා ඇතිකරන අභියෝගයන්ට සාර්ථකව මුහුණ දෙමින් රජය ජනතාව වෙනුවෙන් සැලකිය යුතු සහනාධාර ප්‍රමාණයක් ලබාදීමේ වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක කරමින් රටේ ජනතාවගේ ආර්ථිකය නඟාසිටුවීමට කටයුතු කරන බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.


    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද ( 04) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

    එහිදි අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා අදහස් දක්වමින්,
    “ පහුගිය කාලයේ ශ්‍රි ලංකාවේ ජනතාව විවිධ ප්‍රශ්න වලට මුහුණ දුන්නා. කොව්ඩි අර්බුදය නිසා ලෝක ආර්ථිකය අවපාතයට ගිය අතර එයට ශ්‍රි ලංකාවටත් මුහුණ දෙන්න සිදු වුණා. ඒ නිසා අපිට විදේශ විනිමය ඌනතාවයක් මතු වුණා. නමුත් මොන ප්‍රශ්නය පැමිණියත් රටේ ජනතාවට ඒවා අඩුවක් නැතිව ලබා දෙන්නයි අපි කටයුතු කළේ. සමහර භාණ්ඩවල සමහර අඩුවක් වුණා. නමුත් රජයක් හැටියට මේ දුෂ්කර අවස්ථාවේත් ජනතාවගේ අවශ්‍යතාවයන් සියල්ල ඉෂ්ට කළා. ඊයේ රජය තවදුරටත් කල්පනා කරලා මේ රටේ ලැබෙන ආදායමෙන් ජිවත් වෙන්න බැරි පිරිසට වැඩිවෙන ජිවන තත්වයන් එක්ක මුහුණ දෙන්න පුළුවන් පැකේජයක් අපි ලබලා දුන්නා. විශේෂයෙන්ම රාජ්‍ය සේවකයින්ට තමන්ගේ පඩියට අමතරව රුපියල් 5000 ක් ලැබෙන අතර සමෘද්ධි ලාභීන්ට සමෘද්ධි ආධාරවලට අමතරව රුපියල් 1000ක් ද විශ්‍රාමිකයින්ට රුපියල් 5000ක් ලබා දෙන්න කටයුතු කරනවා. මේ වගේ විශාල මුදලක් රටේ ජනතාවගේ දුෂ්කරතාවය මඟ හරවා ගන්න කටයුතු කරනවා. ඒ වගේම ගොවීන්ට ඔවුන්ගේ විවිධ කටයුතු සඳහා මුදලින් ආධාර ලබාදෙන්න විශාල වැඩපිළිවෙළක් ආරම්භ කරලා තිබෙනවා. මෙය ආරම්භ කරන කොට විපක්ෂය හිතුවා අපේ ආණ්ඩුව කඩා වැටෙයි කියලා. මොන දුෂ්කරතා තිබුණත් අපි ඒවට මුහුණ දෙන්න මේ රජය කටයුතු කරනවා.

    විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාත් මහින්ද රාජපක්ෂ අගමැතිතුමාත් අපිත් ප්‍රශ්නවලට මුහුණ දෙන්න ශක්තියක් තිබෙන ආණ්ඩුවක් හැටියට අපි කටයුතු කරගෙන යන්නේ. අපි මහජනයට යම්කිසි අපහසුවක් ඇතිවෙනවා නම්
    ඒක නිවැරදි කරන්න උදව් කරන්න අපි හැමවිටම කටයුතු කරනවා. විශේෂයෙම මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මැතිතුමාට ස්තුතිවන්ත වෙනවා එතුමා පළමු කැබිනට් මණ්ඩලයෙන්ම විශාල සහනයක් ලබා දුන්නා. ඒ වගේම විශාල ප්‍රශ්නයක් වෙලා තිබුණු ගුරුවරුන්ගේ ප්‍රශ්නය. මේ මාසයේ ඉඳලා මේ වැඩිවෙච්ච පඩිය ගුරුවරුන්ට දිය යුතුයි කියලා තීන්දු කළා. ඒ වගේම ගුරු උපදේශකවරුන්ටත් ඒ පඩි වැඩි කිරීම් ලබා දෙන්න කටයුතු කළා. ඒ හින්දා අපි රටේ මහජනයාගේ ප්‍රශ්න පිළිබඳව හොඳින් හොයා බලන ආණ්ඩුවක් හැටියට ක්‍රියා කරන බවයි මේ පෙන්නුවේ. හෙට අනිද්දාට මීට වඩා අමාරු වුනොත් තවත් අපි සහනාධාර ලබා දෙනවා. අද අපි නිෂ්පාදන වර්ෂයක් හැටියට තමයි කටයුතු කරන්නේ. ඒ වර්ෂය අපි විශ්වාස කරනවා අපේ සියලු දෙනාම එකතුවෙලා මේ රට ශක්තිමත් කිරිමේ වැඩපිළිවෙළට ශක්තිය සහයෝගය ලබා දෙයි කියලා. ”

    එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උදුගොඩ මහතාද අදහස් දක්වමින්,
    “ රජයක් හැටියට අපි මේ රටේ ආර්ථික වර්ධන වේගය ඉතාම පහළ තත්වයකට පත් කරපු රටක් තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුතාම භාර ගන්නේ. ඒ භාර ගන්න අවධියේ තමයි මේ කොවිඩ් අර්බුදයකට මුහුණ දෙන්න සිදු වුණේ. ඒ වාතාවරණය තුළ අපිට ආර්ථික වශයෙන් විශාල ලෙස ආලාභයන් සිදු වුණා. මේ රටේ තිබුණා ප්‍රධානතම ආදායම් මාර්ගයන් තමයි විදේශීය සංචාරකයන්ගෙන් ලැබුණු ආදායම , අපනයන ආදායම, විදේශ ශ්‍රමිකයින්ගෙන් ලැබුණු ආදායම යි. මේ කොවිඩ් වසංගත තත්වය හමුවේ අපිට මේ කිසිදු ආදායම් මාර්ගයක් අපි බලාපොරොත්තු වුණු ආකාරයෙන් අපිට ලැබුණේ නෑ. ඒ වගේම විදේශීය ආයෝජන අහිමි වුණේ පසුගිය යහපාලන ආණ්ඩුව කාලය තුළයි. මේ රටේ
    ලැබෙන්න තිබුණු ආදායම් මාර්ග අහිමි කරලා තමයි පසුගිය ආණ්ඩුව අපිට මේ රට භාර දෙන්නේ. ඒ අර්බුද හමුවේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රට භාර ගන්න කොට ලෝකයේ සිටින බලවත් රාජ්‍යයන්ටත් බැරිවෙන අර්බුදයකට අපි මුහුණ දෙනවා. මුලින්ම අපි තීන්දු කළේ මේ වසංගත තත්වය හමුවේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරන්නයි. නමුත් විපක්ෂය දගලන්නේ මේ වසංගත තත්වය හමුවේ තමන්ගේ දේශපාලන ගමන ශක්තිමත් කිරිමයි.

     

    අපි අද දකිනවා මේ රටේ ඉන්න 98% වැඩි ප්‍රමාණයකට පළමු මාත්‍රාවද 85% වැඩි ප්‍රමාණයකට දෙවැනි මාත්‍රාව ලබා දී තිබෙනවා. ඊට අමතරව බූස්ටර් එන්නත මේ වන විට මිලියන 04 ට වැඩි ප්‍රමාණයකට ජනතාවට ලබා දි තිබෙනවා. ඒ නිසා මේ රටේ ජනතාවට යම්කිසි සහනයක් ලබා දිලා තිබෙනවා. මේ රටේ ජනතාවගේ ජිවිත ආරක්ෂා කරලා ජනතාවට දෛනික කටයුතු ඒ ආකාරයෙන් ඉෂ්ට කරන්න පුළුවන් වටපිටාවක් සකස් කරලා තිබෙනවා. අපි මේ රජය වැඩකටයුතු කරගෙන යන්නේ යම්කිසි අරමුණක් ඇතිවයි. ඒ අරමුණ තුළදි එළඹෙන වර්ෂ 03 තුළදි අපි දැඩි කැපවීමකින් දේශපාලනඥයින් හැටියට ඒ කැපවීම ආණ්ඩුව තුළින් පෙන්නවලා නැවත ආර්ථිකය ගොඩ අරගෙන රටේ ජනතාවට අපි වෙච්ච පොරොන්දු ඒ ආකාරයෙන් ඉෂ්ට කරන වගකීම අපි කවදාවත් අත්හැරලා නෑ.

    මේ වර්ෂය ඉතාමත් අභියෝගාත්මක වර්ෂයක්. අපි නැවත වතාවක් ආර්ථිකය ශක්තිමත් කරන්නට ඕන. මේ වන විට විදේශකයින් මේ රටට පැමිණෙමින් සිටින අතර , විදේශික ආයෝජකයෝ විශාල ප්‍රමාණයක් මේ වනකොට ආයෝජනය කරන්න කැමති වෙලා තිබෙනවා. ඒ නිසා අපිට එළඹෙන වර්ෂයේදි අපේ ඩොලර් ආදායම් වැඩි වෙනකොට වර්තමානයේ පවත්නා ආර්ථික අර්බුදයට යම්කිසි ආකාරයක මුහුණ දීමේ හැකියාවක් අපිට ලැබෙයි කියලා විශ්වාසයක් තිබෙනවා. මෙම වසර තුළ සහනාධාර රාශියක් ගරු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා ඊයේ නිවේදනය කළා. ඒ නිසා සියලු රාජ්‍ය සේවකයින්ට රු. 5000 ක් ද

    ආබාධිත සෙබලුන්ට රු.5000ක්, විශ්‍රාමිකයින්ට රු. 5000ක් ද සමෘද්ධි ලාභින්ට රු.1000 ක අමතර දීමනාවන් ආදි සහනාධාර ලබා දී තිබෙනවා. මේ සහනාධාර ලබා දීම සඳහා සම්පූර්ණ රජය මඟින් බිලියන 229 ක මුදලක් වෙන් කරලා තිබෙනවා. මේ කොවිඩ් වසංගතය තත්වය හමුවේ ලෝකයේ අනෙකුත් රටවල් සමඟ සන්සන්දනය කරන විට ශ්‍රි ලංකාව සහනාධාර ලබාදිලා, එන්නත ලබාදිලා, ජනතාවගේ ජිවිත ආරක්ෂා කරන රටක් මේ ලෝකේ කොහොවත් නැතිව ඇති . ඒ නිසා අපිට අවශ්‍යවෙලා තිබුණු අභියෝගය අපි යම්කිසි ආකාරයකට ජයග්‍රහණය කරලා තිබෙනවා. ඒ නිසා මේ වර්ෂ 03 ක කාල සීමාව තුළ අපි දැඩිව තින්දු අරගෙන මේ රටේ ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරන ගමන් රටේ අනාතය ශක්තිමත් කරන්න ආණ්ඩුවක් හැටියට අපි කැපවෙලා සිටිනවා.” යනුවෙන් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya