පෙබරවාරි 08, 2025
tami eng youtube  twitter facebook

    පෞද්ගලික අංශයටත් පන්දාහේ දීමනාව ලබාදීමේ සාකච්ඡා ඇරඹීමට පියවර

    ජනවාරි 04, 2022

    සෑම රාජ්‍ය සේවකයෙකුටම මෙම මස සිට රුපියල් පන්දහසක දීමනාවක් ලබාදීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට අනුව පෞද්ගලික අංශයට ද එම දීමනාව ලබාදීමේ හැකියාව සොයා බැලීම සඳහා වහාම අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

    අමාත්‍යවරයා කියා සිටියේ, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද එම කැබිනට් පත්‍රිකාව අනුව පෞද්ගලික අංශයටත් රුපියල් පන්දහසේ දීමනාව ලබාදීම සඳහා පෞද්ගලික අංශයේ හාම්පුතුන් සමග සාකච්ඡා කොට අවශ්‍ය පියවර ගැනීමට කම්කරු අමාත්‍යවරයාට එමගින් බලය පවරා ඇති බවයි. ඒ අනුව වහාම පෞද්ගලික අංශයේ හාම්පුතුන් සමග මේ සම්බන්ධයෙන් වන සුහද සාකච්ඡා ආරම්භ කරන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

    ජීවන බර රාජ්‍ය සේවකයන්ට මෙන්ම පෞද්ගලික අංශයේ සේවය කරන අයට ද එකසේ දැනෙන දෙයක් බැවින් රටේ ආර්ථිකයට දැවැන්ත දායකත්වයක් ලබාදෙන පෞද්ගලික අංශයේ සේවකයන්ට ද රුපියල් පන්දහසේ දීමනාව අනිවාර්යයෙන්ම ලැබිය යුතුව ඇති බව දැඩිව අවධාරණය කළ කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කියා සිටියේ මේ සම්බන්ධයෙන් වන පළමු සාකච්ඡා වටය මෙම මස 07,10 සහ 11 යන දිනවල කම්කරු දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන බවයි. පෞද්ගලික අංශයේ ඇඟළුම් ක්ෂේත්‍රය,වතු ක්ෂේත්‍රය,කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ සාප්පු හා කාර්යාල සේවක පනතින් ආවරණය වන ආයතන ඇතුළු සෑම ක්ෂේත්‍රයක්ම නියෝජනය වන පරිදි හාම්පුතුන් කැඳවා ඔවුන් සමග මෙම පන්දහසේ දීමනාව ලබාදීම සම්බන්ධයෙන් වන සුහද සාකච්ඡා සිදු කරන බව කම්කරු අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    මෙම සාකච්ඡා සඳහා කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.ඩී.යූ.කේ,මාපා පතිරණ සහ කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති යන මහත්වරුන් ඇතුළු කම්කරු අමාත්‍යාංශ සහ කම්කරු දෙපාර්තමේන්තු නිලධාරීහූ සහභාගි වීමට නියමිතය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya