පෙබරවාරි 08, 2025
tami eng youtube  twitter facebook

    කොරියානු රැකියාලාභී මේ වසරේ පළමු කණ්ඩායම පිටව යයි

    ජනවාරි 05, 2022

    කොරියාවේ ධීවර හා නිෂ්පාදන ක්ෂේත්‍රයේ රැකියා සඳහා මේ වසරේ පිටත්ව යන ප්‍රථම කණ්ඩායම ශ්‍රි ලංකන් ගුවන් සේවයට අයත් UL 470 ගුවන් යානයෙන් දකුණු කොරියාව බලා පිටත්ව යාමට නියමිතය.

    මෙම කණ්ඩායමට ශ්‍රමිකයින් 89 දෙනෙකු අයත් වන අතර, දකුණු කොරියාවේ සේවය කර ශ්‍රි ලංකාවට පැමිණ නැවත කොරියාවේ රැකියා සඳහා ඉන් 48 දෙනකුද, අනෙකුත් 41 දෙනා කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සමත්ව පළමු වරට රැකියා සඳහා පිටත්වන අයද වේ.

    කොරියානු රැකියා ලාභීන් වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැවති විශේෂ දැනුවත් කිරිමේ වැඩසටහනට කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා හා විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතාද එක්ව සිටියහ.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya