අභ්‍යාසලාභී උපාධිධාරී පත්වීම් සම්බන්ධයෙන් මාධ්‍යයට කරුණු දැක්වීමට රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ පරිශ්‍රයේ අද (ජනවාරි 05) පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.
මෙම ස්ථිර පත්වීම් සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ; සමස්ත රාජ්‍ය සේවා ඉතිහාසයේ එකවර පනස් දහසක් රාජ්‍ය සේවයට බඳවාගත් ප්‍රථම අවස්ථාව මෙය බවත්, මෙතෙක් පුහුණු දීමනාවක් පමණක් ලැබූ අභ්‍යාසලාභීන්ට රුපියල් 31,000කට වැඩි මූලික වැටුපක් සහ දීමනා සහිතව රුපියල් 41,000කට වැඩි වැටුපක් මෙම වසරේ සිට ලබාදෙන බවත්, අභ්‍යාසලාභීන්ගේ පත්වීම් ස්ථීර කිරීම සඳහා යුහුසුලුව කටයුතු කළ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ජේ ජේ රත්නසිරි මහතා සහ එම අමාත්‍යංශයේ ඒකාබද්ධ අධ්‍යක්ෂ ඇතුලු රාජ්‍ය නිලධාරීන්ට සිය ස්තුතිය ලබාදෙන බවත්ය.
පනස් තුන් දහසක් පමණ වූ අභ්‍යාසලාභීන් කොටස් තුනක් ලෙස බඳවා ගත් බවත්, ඔවුන්ගේ වසරක පුහුණු කාලය අදියර වශයෙන් අවසන් වන බැවින් ඔවුන් සියල්ලට එකවර ස්ථිර පත්වීම් නොලැබීම සම්බන්ධව කලබල නොවිය යුතු බවත් පුහුණුව සම්පූර්ණ වූ පසු ස්ථීර පත් වීම් ලබා දීමට කටයුතු කරන බවත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රාජ්‍ය පරිපාලන, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා පැවසීය.
ඒ අනුව 2019 ඔක්තෝබර් මාසයේ දී පුහුණු පත්වීම් ලැබූ අයට මේ වන විට ඔවුන්ගේ ස්ථිර පත්වීම් ලැබී ඇති බවත්, තවත් පිරිසක් 2020 පෙබරවාරි හා අනෙක් පිරිස මාර්තු මාසයේ බඳවාගත් බැවින් ඔවුන්ට අනුක්‍රමිකව අදාළ මාසවල දී ස්ථිර පත්වීම් ලැබෙනු ඇති බවත්, ලේකම්වරයා කීය.