පෙබරවාරි 08, 2025
tami eng youtube  twitter facebook

    සියලු සිසුන් එකවර පාසල් වෙත පැමිණීමට අදාළ මාර්ගෝපදේශ නිකුත් කරනවා- සෞඛ්‍ය අමාත්‍ය

    ජනවාරි 05, 2022

    රට නව සාමාන්‍යකරණයට ලක්වීමත් සමඟ එළඹෙන සදුඳා (10) සිට පාසැල් ද සාමාන්‍ය තත්ත්වයෙන් පවත්වාගෙන යමින් සියලු සිසුන් එකවර පාසල් වෙත පැමිණීමට අදාළ මාර්ගෝපදේශ නිකුත් කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

    අද (05) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළ අතර, එහිදී ඒ මහතා මෙසේ ද පැවැසීය.

    මෙයට පෙර කොටස් වශයෙන් පාසල් කරා ළමුන් පැමිණි අතර ඒ අනුව එළැඹෙන සදුදා සිට සාමාන්‍ය පරිදි ළමුන්ගේ පැමිණීම සිදුවනු ඇත.

    “වර්තමානයේ එන්නත්කරණය සාර්ථක වැඩපිළිවෙළක් ලෙස ක්‍රියාත්මක වෙනවා. රට සාමාන්‍යකරණ වැඩපිළිවෙලේ අධ්‍යාපන ක්ෂේත්‍රය ඉතාමත්ම වැදගත්. ගුරු භවතුන්ගේ සිට සම්පුර්ණ අධ්‍යාපන ක්ෂේත්‍රයම නියෝජනය වන පරිදි මේ අනුව එන්නත ලබාදීමේ වැඩපිළිවෙල සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව සුදානම් කර තිබෙනවා. මේ වන විට එන්නත්කරණය සහ වසංගතය සම්බන්ධව අභියෝග රැසක් ජයගෙන තිබෙනවා. එය ඉදිරියට ගෙනගොස් අංග සම්පුර්ණ ආවරණයක් ලබාගැනීමට මෙම වැඩපිළිවෙලට සම්බන්ධ වී සම්පූර්ණ සහයෝගය ලබාදෙන්න යැයි අමාත්‍යවරයා කීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya