නැගෙනහිර පළාත් සභාව සහ ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණික ආයතනය එක්ව මෙම රසායනාගාරය ඉදි කිරීමට නියමිතය.
ගොඩනැගිලි යටිතල පහසුකම් සැලසීම, උපකරණ සහ යන්ත්‍රසූත්‍ර සැකසීම සඳහා තාක්ෂණික සහාය, රසායනාගාර ක්‍රියාකාරීත්වයට අදාළ තාක්ෂණික සහාය ලබාදීම මෙම අවබෝධතා ගිවිසුමේ පරමාර්ථය වේ.
ඊට අමතරව ඉදිකිරීමට යෝජිත මෙම රසායනාගාරය සඳහා ISO ප්‍රමිතීන් ලබා ගැනීම, එහි ක්‍රියාකාරීත්වයට අදාළ මෙහෙයුම් මාර්ගෝපදේශ සංවර්ධනය කිරීම සඳහාද මෙම අවබෝධතා ගිවිසුම මගින් ප්‍රතිපාදන සලසා තිබේ. අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම සිදු කළේ නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන ලේකම් ඩී.එම්.එල්.බණ්ඩාරනායක මහතා සහ කාර්මික තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය රාධිකා සමරසේකර මහත්මියයි.
ත්‍රිකුණාමලය කන්තලේ ප්‍රදේශයේ ඉදි කෙරෙන මෙම නව රසායනාගාරය හරහා දිවයිනේ ඕනෑම ප්‍රදේශයක කාබනික ආහාර සාම්පල් පරීක්ෂා කිරීමේ අවස්ථාව සැලසේ.
මේ අවස්ථාවට කාර්මික තාක්ෂණික ආයතනයේ සභාපති ආචාර්ය ජී.ඒ.එස්. ප්‍රේමකුමාර මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ