පෙබරවාරි 08, 2025
tami eng youtube  twitter facebook

    වසර 52 කට පසුව මිනුවන්ගොඩ නගර සභා පුස්තකාලයට සිව්මහල් ස්ථිර ගොඩනැගිල්ලක්

    ජනවාරි 06, 2022

    වසර 52 කට පසුව නගර සභාවට අයත් පුස්තකාලය සදහා සිව්මහල් නව ගොඩනැගිල්ලක් හිමිවෙයි.

    රුපියල් මිලියන 1000 ක වියදමින් ඉදිකළ මෙම පුස්තකාලය පසුගිය දා (31) සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අතින් විවෘත කෙරිණ. මෙම පුස්තකාලය විවිධ ස්ථානවල පවත්වාගෙන ගොස් ඇත්තේ 1966 පමණ සිටයි. ඒ කුලි පදනම යටතේයි. එවකට කම්කරු ඇමතිවරයාව සිටි එම්.පි.ද ඉසෙඩ් සිරිවර්ධන මහතාගේ නමින් එය නම් කෙරිණි.

    මිනුවන්ගොඩ නගර සංවර්ධන වැඩපිළිවෙල යටතේ මෙම පුස්තකාලය ඉදි කිරීමට සැලසුම් කර තිබිණි. 2018 බලයට පත් වු මිනුවන්ගොඩ නගරාධිපති නීල් ජයසේකර මහතාගේ මැදිහත්විමෙන් මෙහි ඉදිකිරිම් ආරම්භ කෙරුණේ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදිය.

    මහල් 04 කින් සමන්විත මෙම පුස්තකාල ගොඩනැගිල්ල කුළ අංග සම්පුර්ණ ශ්‍රවණාගාරයක්, පරිගණක ආශ්‍ර යෙන් පොත් කියවීමට හා පුවත්පත් බැලිමට වෙනම අංශ වෙන් කර ඇත. පොත් 25,000 ක් පමණ ඇති මෙම පුස්තකාලය ශ්‍රේණිගත කිරිම් දෙවන ස්ථානයේ ඇති පුස්තකාලයකි. මිනුවන්ගොඩ නගර සභා බල ප්‍ර දේශය තුළ ප්‍රධාන පාසල් 07 ක් පිහිටා ඇති අතර සිසු සිසුවියන් 11,000 ක් පමණ ඒවායේ අධ්‍යාපනය හදාරති.

    ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දි කිවේ මෙම පුස්තකාලය අනාගතය වෙනුවෙන් කළ ආයෝජනයක් බවයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සෞභාග්‍ය යේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් ද එය තහවුරු කර ඇතැයි පැවසු ඇමතිවරයා මෙම නව පුස්තකාල ගොඩනැගිල්ල කොරෝනා මධ්‍ය යේ වුවද ආණ්ඩුව රට සංවර්ධනය කරන බවට හොද සාක්ෂියක් යැයි ද කීවේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya