මේ පිළිබඳව තානාපතිවරුන් හා මහ කොමසාරිස්වරුන් අතර ද යහපත් ප්‍රතිචාර ඉහළ මට්ටමකින් පවතින බව ඒ මහතා පෙන්වා දෙයි. කොරියානු තානාපතිවරයා (05) සෞඛ්‍ය අමාත්‍යංශයේ දී සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා හමුවු අවස්ථාවේදී මේ බව කීය. මෙම සුහද හමුව අමාත්‍යවරයාගේ කාර්යාලයේ දී පැවැත්විණි.
විශේෂයෙන් ශ්‍රී ලංකාවේ වෙසෙන කොරියානු ජාතිකයන්ටද කිසිදු වෙනසකින් තොරව එන්නත ලබා දීම දැඩි ඇගයීමකට ලක් කරන බවත් එවැනි පසුබිමක ශ්‍රී ලංකාව ක්‍රියා කිරීම අනෙකුත් රටවලින්ද ඇගයීමකට ලක්විය යුත්තක් බව තානාපතිවරයා පැවසීය. විශේෂයෙන් ශ්‍රී ලංකාව හා කොරියාව අතර දැඩි මිත්‍රත්වයක් පවතින බවත් එය දෙරටටම වැදගත්වන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
මෙහිදී අදහස් දැක්වු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා එලඹෙන ජනවාරි 29 වන විට මෙරට ජනතාව එන්නත්කරණයට ලක් කිරීම ආරම්භ කර වසරක් පිරෙන බවද, ඒ තුළ කොවිඩ් පාලනයෙන් රට විශාල ජයග්‍රහණයක් කරා ගෙන යාමට හැකිවු බවද පෙන්වා දෙයි. විශේෂයෙන් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉහළ සිට පහළ දක්වා සෑම අයෙකුම සිය රාජකාරි පැහැර නොහැර අසීමිත කැපවීමකින් කටයුතු කල බවද අමාත්‍යවරයා පැවසීය. මෙරට ගෘහස්ත ප්‍රතිකාර වැඩපිලිවෙල වඩාත් සාර්ථක වු බවත් එය ලෝක සෞඛ්‍ය සංවිධානයද ඇගයීමට ලක් කර ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා කීය.
කොරියානු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උපකාර, පරිත්‍යාග, වැඩසටහන් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට වඩා වැදගත්ව ඇතැයි ද ඒ සඳහා දෙන දායකත්වය ඇගයීමට ලක් කරන බවද අමාත්‍ය රඹුක්වැල්ල මහතා කීය. මහනුවර ප්‍රදේශයේ ක්‍රියාත්මක කිරීමට යෝජිත කොරියානු රෝහල් ව්‍යාපෘතිය සදහා වඩාත් සාධනීයත්වයකට එලඹ තිබෙන බවද එයට ප්‍රණාමය පුදකරන බවද අමාත්‍යවරයා මෙහිදී කීය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ මහතා ද සහභාගීව සිටියේ ය.