රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන රජයේ ප්‍රකාශන කාර්යංශයේ ශාඛාවක් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී විවෘත කිරීමේ අවස්ථාවට අද (06) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.
මෙම අවස්ථවට එක්වෙමින් ජනමාධ්‍ය අමාත්‍යවරයා ''ප්‍රාදේශීය මාධ්‍යවේදීන් අමතා මෙසේ ද පැවසීය.
''මීට පෙර ජනාධිපතිතුමාගේ,අගමැතිතුමාගේ සහ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගත්තා, ශ්‍රී ලංකාවේ පළමු වරලත් මාධ්‍යවේදී ආයතනය පිහිටුවන්න. මාධ්‍ය වෘත්තිකයින් ලෙස එතෙක් මෙතෙක් ලද ජයග්‍රහනයක් ලෙස මෙය හඳුන්වන්න පුලුවන්. අප බලාපොරොත්තු වෙනවා,ජූනි මාසය වන විට රූපවාහිනී අභ්‍යාස ආයතනය භාවිතා කර ආයතනය පිහිටුවන්න. ලබන අගෝස්තු හෝ සැප්තැම්බර් මස ජනාධිපති සම්මාන උළෙල පවැත්වීමට බලාපොරොත්තු වෙනවා.එහි ප්‍රාදේශීය මාධ්‍යවේදී වෙනුවෙන් වෙනම ඉසව්වක් වෙන් කරන්න තීන්දු කළා. ඔබගේ වෘත්තීය රාජ්‍ය මට්ටමින් අගයනවා''යැයි කීය.
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ඉලක්ක කර ගනිමින් සංවිධාන කර තිබූ වැඩමුළුවකට ද අමාත්‍යවරයා එක්විය. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතා මෙම වැඩමුලුව මෙහෙයවීය.
මාධ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ගන්නා තීරණ පිළිබද අමාත්‍යවරයා මෙහිදි මාධ්‍යවේදීන් දැනුවත් කළේ ය. පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන් අතුකෝරල,නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් යන මහත්ම මහත්මීන් ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිලධාරිහු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.