බූස්ටර් එන්නත් ලබා දීම අදියර හතරක් යටතේ 2022 ජනවාරි 08,09,15 සහ 16 යන දිනවලදී පෙ.ව.08.30 සිට ප.ව.03.30 දක්වා ශ්‍රී ජයවර්ධනපුර රෝහල් පරිශ්‍රයේදී ක්‍රියාත්මක කිරීමට නියමිතය.
පළමු අදියර යටතේ, 2021 ජුනි මස 16 සහ 20 දෙදිනතුල දෙවන මාත්‍රාව ලබා ගත් මාධ්‍යවේදීන් සඳහා අද දවස තුල එන්නත ලබාගත හැක.
දෙවන අදියර යටතේ, 2021 ජුනි මස 24 සහ 27 දෙදිනතුල දෙවන මාත්‍රාව ලබාගත් මාධ්‍යවේදීන් සඳහා හෙට (09) එන්නත් ලබා දීමට සැළසුම්කර ඇත.
තෙවන සහ සිවුවන අදියර යටතේ, 2021 ජුලි මස 04 සහ 17 දෙදිනතුල දෙවන මාත්‍රාව ලබා ගත් මාධ්‍යවේදීන් සඳහා 2022 ජනවාරි 15 ත්, 2021 ජුලි මස 27 වන දින දෙවන මාත්‍රාව ලබා ගත් මාධ්‍යවේදීන් සඳහා 2022 ජනවාරි 16 ත් එන්නත් ලබා දීමට අවශ්‍ය කටයුතු සුදානම් කර ඇත.
ජනමාධ්‍ය අමාත්‍යවරයාද ජනමාධ්‍ය වේදීන් සමග එක්ව සිය බූස්ටර් එන්නත ලබා ගත්තේය.