ඒ අනුව සියලු දරුවන් පාසල් වෙත යොමුකරන ලෙස අමාත්‍යාංශය දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. සියලුම සෞඛ්‍යාරක්ෂිත ක්‍රම වේද අනුගමනය කරමින් පාසල් කටයුතු පවත්වාගෙන යා යුතු අතර ඒ සදහා අවශ්‍ය උපදෙස් විදුහල්පතිවරුන්ට දන්වා ඇති බව සෞඛ්‍ය අංශය පවසයි.
පාසල්වල ආපනශාලා විවෘත කර නැති බැවින් දරුවන් සදහා අවශ්‍ය සියලු ආහාර නිවෙස් වලින් රැගෙන එන ලෙස අධ්‍යාපන අමාත්‍යංශ දන්වා සිටී. පාසල් අදියරෙන් අදියර ආරම්භ කිරීම මෙන් ම සම්පූර්ණ ලෙස විවෘත කිරීම දරුවන් වෙනුවෙන් ගත් තීරණයක් බවත් අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.