මිනිස් බල හා රැකි රක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනූශා ලෝකුල ප්‍රනාන්දු මහත්මිය, තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍යංශයේ ලේකම් අනුරාධ විජේකෝන් මහතා, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතා සහ ප්‍රවීණ පුවත්පත් කලාවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර මහතා යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් එම මාධ්‍ය හමුව පැවැත්විණි.
එහිදී ජන සන්නිවේදනය සම්බන්ධයෙන් දේශනයක් සිදුකරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පැවසූවේ ,අද වන විට ඇත්තේ ජන මාධ්‍යයේ
සැබෑ කාර්යභාරය සිදු කිරීම වෙනුවට තාවකාලිකව ජනතාව තෘප්තියක් කරා ගෙනයන ජනමාධ්‍ය සංස්කෘතියක් බවත්, මිනිස් බල හා රැකි රක්ෂා දෙපාර්තමේන්තුව සකස් කළ සමික්ෂණයේ වාර්තාව පෙන්වා දෙන පරිදි සමාජයේ ප්‍රගමනය උදෙසා මාධ්‍යයේ කැපවීම අවම මට්ටමක පැවතිම විපරීත ජනමාධ්‍ය සංස්කෘතියක් තුළ පුදුමයක් නොවන බවත්, ජනමාධ්‍ය අදවන විට හුදෙක් කර්මාන්තයක් බවත්ය.
එහිදී ජනමාධ්‍යයේ වගකීම සම්බන්ධයෙන් තිලකරත්න කුරුවිට බණ්ඩාර මහතා මෙන්ම තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍යංශයේ ලේකම් අනුරාධ විජේකෝන් මහතාද දේශන පැවැත්වූහ.